If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Monday, July 18, 2011

කේවට්ටයෝ පරලවෙති

July 18, 2011 at 12:55 pm | Lanka C News.

 

2011/07/13 දින විදුසර පුවත් පතට මහාචාර්ය නලින්ද සිල්වා මහතාත් එතුමා කැලණිය සරසවිය  තුළ සිදුකරගෙන යන කාර්ය භාරයත් සෘජු ලෙස විවේචනයට ලක්කරමින් එම සරසවියේම ආචාර්යවරුන් කිහිපදෙනෙක් සපයා තිබූ ලිපියට පිළිතුරකි.


මෙම ලිපියට ප‍්‍රවේශයක් වශයෙන් අද වන විට සමස්ථ විශ්ව විද්‍යාල පද්ධතිය පුරා උද්ගත වී ඇති තත්ත්වය ගැන යම් සඳහනක් සිදුකල යුතුව ඇත. රටේ සෑම ප‍්‍රශ්නයක්ම අමතක කරමින් තම පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් ඉතා අත්තනෝමතික ලෙස පදනම් විරහිතව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් අරඹන ලද වැඩ වර්ජනය හේතුවෙන් මුළු විශ්ව විද්‍යාල පද්ධතියම කඩා වැටී ඇත. මෙය හුදෙක් සරසවියට පමනක් සීමාවන වර්ජනයක් නොවේ. එය රට පුරා පැතිරිය හැකි වර්ජන මාලාවක ඇරඹුමක් වීමට ඇති ඉඩකඩ ඉතා අධිකය. ඉතා සීග‍්‍ර සංවර්ධනයක් වෙත පියනගමින් තිබුණු අතිශ්‍ය ස්ථාවර රජයක් පැවති ලිබියාවට බටහිරයන් පහරදීම ආරම්භ කළේ මෙවන් උද්ඝෝශන වර්ජන මාලාවක් රට තුළ ඇතිකිරීම මගිනි. බටහිරයන් විසින් ඇතිකරන ලද ත‍්‍රස්ථවාදය පරදවමින් ඉතා සුවිශේෂී ගමනක් ආරම්භ කර ඇති වත්මන් රජයට විරුද්ධවද එවන් වැඩපිළිවෙලක් දියත් කිරීමේ අවශ්‍යතාව බටහිරයන්ට වෙයි. මෙම වර්ජන එහි ඇරඹුමක් වීමට ඇති ඉඩකඩ ඉතා අධිකය.

නමුත් බටහිර යටත්විජිතවාදයට විජාතික කරනයට එරෙහිව දශක කිහිපයක් මුළුල්ලේ අතිශ්‍ය පැහැදිලි අව්‍යාජ ස්ථාවරයක සිටිමින් කටයුතු කරන මහාචාර්ය නලින්ද සිල්වා මහතා ආරම්භයේ සිටම මෙම වැඩ වර්ජනයට විරුද්ධ විය. එබැවින් එතුමා බොහෝ දෙනෙකුට වහ කදුරු මෙන් තිත්ත චරිතයක් වී ඇත. එමෙන්ම කවදත් සරසවිය තුළ ආරවුල් ඇතිකරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට කැලණිය සරසවිය තුළ සිටින ලොකුම හතුරා මහාචාර්ය නලින්ද සිල්වා මහතා වෙයි.

එබැවින් හැකි කවර හෝ විටෙක එතුමාට පහරදීමේ දැඩි වුවමනාවක් මේ අවස්ථාවාදීන්ට වෙයි. එතුමාට එරෙහිව නගන මෙම අවලාද වල යටි අරුත එයයි.

කෙසේ වුවද ආසනික් ගැටළුව ගැන සැළකීමේදී මෙම ආචාර්යවරුන් කිහිපදෙනා කුමක් කීවද රටේ අතිමහත් බහුතරය මහාචාර්ය නලින්ද සිල්වා මහතා ප‍්‍රමුඛ පර්යේෂණ කන්ඩායමේ අනාවරණය පිළිගෙන ඇත. වසර විස්සක් පුරා පැවති මෙම මාරාන්තික රෝගයට හේතුව සියළු සාධක සමග සංගතව පැහැදිලි කළහැකි කිසිඳු මතයක් ඉදිරිපත් කිරීමට මේ වන තුරු පර්යේශන කන්ඩායමකට හෝ වෛද්‍ය පීඨයකට හෝ විද්‍යා පීඨයකට නොහැකි විය. ඔවුන් පවසන අයුරින් පෙර පැවති ආසනික් හේතුවෙන් නැතිවීගිය විද්‍යා පීඨයේ කීර්ති නාමය කුමක්දැයි මටනම් නොවැටහේ. උසස් පෙළ සමත්වන්නන් පමනක් ඇතුළත් වන බැවින් දැනුමැත්තන් පිරිසක් සරසවිය තුළ සිටින බව ජනතාව විශ්වාස කරති. එයට අමතරව විශ්ව විද්‍යාලයට ඇතුලත් වුවහොත් රුකියාවක් ලබාගත හැකි බවද ඔවුහු සිතති. අද රටේ කවර හෝ සරසවියකට එයට එහාගිය කීර්ති නාමයක් නැත.

මහාචාර්ය නලින් ද සිල්වා මන්දබුද්ධිකයකු හෝ පිස්සකු නොවන බව කවරකු වුවද අවබෝධ කරගත යුතුය. එතුමා එවකට කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත්ම ශිෂ්‍යයා විය. විශ්ව විද්‍යාලයේ එතුමාගේ කණ්ඩායමේ ප‍්‍රථමයා විය. එංගලන්තයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් වාර්ථාගත ඉතා කෙටි කාලයක් තුළ ආචාර්ය උපාධිය ලබාගැනීමට එතුමා සමත් විය. ඒ භෞතික විද්‍යාවේ ඉතා සංකීර්ණ විශය පථයක් ලෙස සැලකෙන විශ්ව වේදය සම්බන්ධයෙනි. එතුමා වරක් එම විශයට අදාලව ෙසෙද්ධාන්තිකව පෙන්වූ සංසිද්ධියක් නිරීක්‍ෂණය කිරීමට එංගලන්ත-ඇමරිකානු විද්‍යාඥයින් පිරිසකට වසර 10කට අධික කාලයක් ගතවිය. එතුමා කැලණිය විශ්ව විද්‍යාලයේදී ඉදිරිපත් කර ඇති පර්යේෂණ පති‍්‍රකා නූතන බටහිර විද්‍යා දැනුමට වඩා ගවු ගනණක් ඉදිරියෙන් පවතින බැවු නොඅනුමානය. අයින්ස්ටයින් විද්වතා මන්දබුද්ධිකයකු ලෙස ඔහුගේ සමකාලීනයෝ සිතූහ. ගැලිලියෝ ගැලිලි ආදී විද්වතුන් අප‍්‍රමාන දුක් ගැහැට වලට භාජනය කලහ. මෙම සමකාලීන ඇඳුරන් කිහිපදෙනා අවබෝධකර නොගත්තද විද්‍යාත්මක, සංස්කෟතික, දේශපාලනික, ඓතිහාසික ක්‍ෂේත‍්‍රවල මහාචාර්ය නලින් ද සිල්වා ඇඳුරුතුමන් වපුරා ඇති බිජුවට අපමනය. අමිලය. මෙම ආශ්චර්යවත් දේශයෙහි ඊලඟ පරපුර එහි අස්වනු නෙළා ලොවටම බෙදාහරිනු ඇත.

අද රටේ සරසවි අතුරින් නව දැනුමක් නිර්මාණය කරන එකම ආයතනය කැලණියේ විද්‍යා පීඨය පමණි. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විද්‍යා පීඨයක් වී ඇත. එහි සිසුහු නව දැනුමකට අනුව කුඹුරු කරති. රජරට වකුගඩු රෝගයට පිළියම් සොයති. නව චින්තනයක පිහිටා පර්යේෂණ පවත්වති. නව විද්‍යාවක් නිර්මාණය කරති. මහාචාර්ය නලින් ද සිල්වා ඇඳුරුතුමන් සෙවනේ ආසියාවේ දැනුම් කේන්ද්‍රය බවට මෙරට පත් කරමින් සිටිති. එහෙව් යුගයක මෙම පරලවූ කේවට්ටයින්ගේ අදෝනා අපි කනකට නොගනිමු.

ඉඳුනිල් ප‍්‍රසන්න, විදුලි ඉංජ්නේරු

---------------------------------------------------------
කරුණාකර  ‛‛විද්‍යාපීඨය විසින් වසර 45 ක කාලයක් ගොඩනගාගත් කීර්තිනාමයට අහිතකර ලෙස බලපානවා’’ ලිපියද කියවා බලන්න.