If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, August 6, 2011

උපාධිධාරී ගුරුවරුන්ගෙන් ආණ්‌ඩුවට රතු එළියක්‌!

දිවයින 06/08/2011

සුගත් වීරසූරිය

ශ්‍රී ලංකා ගුරු සේවය තුළ උපාධිධාරී ගුරුවරුන්ට මුහුණපෑමට සිදුවී ඇති වැටුප් විෂමතා ප්‍රශ්නවලට නිසි විසඳුම් ලබාගැනීම සඳහා කඩිනමින් මැදිහත් වන්නැයි සමස්‌ත ලංකා උපාධිධාරී ගුරු සංගමය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්‌ථාව සහ 2000/14 චක්‍රලේඛය ක්‍රියාත්මකවීමෙන් විසඳුම් නොලැබුණු ගුරු වැටුප් විෂමතා තවමත් එකතැනම ඇති බව පෙන්වා දෙන මෙම සංගමය ඒ අනුව මූලික වශයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා සාකච්ඡා කිරීම සඳහා තමන්ට අවස්‌ථාවක්‌ ලබාදෙන ලෙසයි.

ඒ  පිළිබඳ එම සංගමය නිකුත් කර ඇති නිවේදනයෙහි වැඩිදුරටත් මෙසේද සඳහන්වේ.

ඇතැම් ගුරු සංගම් නායකයන්, උපාධි ගුරු වැටුප් විෂමතා විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ගන්නා තීන්දු තීරණවලට එරෙහිවී ඇත. එමෙන්ම ඇතැම් අධ්‍යාපන නිලධාරීහු ද එම තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම දිනෙන් දිනම පමා කරති. එහෙයින් වසර 17 ක්‌ පුරා අසාධාරණකම්වලට ලක්‌වන උපාධිධාරී ගුරුවරුන්ට සාධාරණය ඉටුකර ගැනීමට ගත යුතු පියවර මොනවාද? යන්න ජනාධිපතිවරයා සමග සෘජුව සාකච්ඡා කළ යුතුව ඇති බවත් ඒ සඳහා සාකච්ඡාවක්‌ ලබාදෙන ලෙසත් උපාධිධාරී ගුරු සංගම් එකමුතුව ඉල්ලීමක්‌ කර තිබේ.