If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, August 6, 2011

අනධ්‍යයන කාර්ය මණ්‌ඩලවල හිඟ වැටුප් ගෙවීමට කැබිනට්‌ පත්‍රිකාවක්‌

දිවයින 06/08/2011

විශ්වවිද්‍යාලයීය අනධ්‍යයන කාර්ය මණ්‌ඩලයට හිඟ වැටුප් ගෙවීම සඳහා කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කිරීමට උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස්‌ සේවක සංගමය සමග එකඟතාව පළකළ බව එම අමාත්‍යාංශය පවසයි.

වසර කිහිපයක්‌ තිස්‌සේ අනධ්‍යයන කාර්ය මණ්‌ඩලයට ලැබිය යුතු හිඟ වැටුප් ලබාගැනීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ද අනධ්‍යයන සේවකයෝ තීරණය කර සිටිති.

අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයන්ගේ වැටුප් විෂමතාවන්ට අදාළව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපත් කර ඇති වාර්තාව අධ්‍යයනය කර වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරන්නැයි වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට ඇමැතිවරයා දැනුම් දී ඇති බවත් උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.