If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Tuesday, August 2, 2011

නායකත්ව පුහුණුවේදී රෝගීවූ සිසුවියක් මියයයි

Lanka Truth 02/08/2011

නවක සරසවි සිසුන් සඳහා ලබාදුන් නායකත්ව පුහුණුව අතරතුර රෝගාතුරවූ ශිෂ්‍යාවක බදුල්ල රෝහලේදී මියගොස් තිබේ.
 
මෙසේ මියගොස් ඇත්තේ දියතලාව යුද හමුදා කඳවුරේ පුහුණුව ලැබූ නිශාන්ති මධුෂානි නැමැති ශිෂ්‍යාවයි. නායකත්ව පුහුණුවේ පළමු අදියරට සහභාගීවූ මැය ජුනි මස 29වන දින රෝගාතුරව බදුල්ල රෝහලට ඇතුළත් කොට තිබේ. පසුව ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා තිබේ.

ඇයගේ මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ අධික දූවිලි සහිත පරිසරයක ගැවසීම නිසා පෙනහලුවලට විෂබීජයක් ඇතුළුවී ඇති නිසා මෙම මරණය සිදුව ඇති බවයි.

වැලිමඩ තෙන්නකෝන්වෙල ප්‍රදේශයේ තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ නිශාන්ති මියයන විට 20 වියෙහි පසුවූවාය.