If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Tuesday, August 2, 2011

සරසවි යන්න නම් ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රය අනිවාර්යලු

Lanka Truth 02/08/2011

එළඹෙන 08 වැනිදායින් ඇරඹීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටින සිසුන් ඉංග්‍රිසි (සාමාන්‍ය) ප්‍රශ්නපත්‍රයට පිළිතුරු සැපයීම අනිවාර්යය බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
 
සරසවි ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබීමට ඉංග්‍රිසි ප්‍රශ්නපත්‍රයට පෙනීසිටීම අනිවාර්යය වන බව අද පුවත්පතකට ප්‍රකාශයක් ලබාදෙමින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා පවසා තිබේ. මේ සම්බන්ධයෙන් විභාගය පැවැත්වෙන දිනවලදී සිසුන් දැනුවත් කරන ලෙසද උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විභාග ශාලාධිපතිවරුන්ගෙන් සහ පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලා තිබේ.
 
මෙයට පෙරද සිසුන්ට ඉංග්‍රීසි සාමාන්‍ය දැනුම පිළිබඳ ප්‍රශ්න පත්‍රයක් තිබූ නමුදු එය අනිවාර්යය කර නොතිබූ බව පවසන අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් පවසන්නේ මෙවරද එම ප්‍රශ්නපත්‍රය සමත්වීම අනිවාර්ය අවශ්‍යතාවයක් නොවන බවයි. එහෙත් සරසවිවලට ඇතුළත්වන සිසුන්ගේ ඉංග්‍රිසි දැනුම පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා මෙම ප්‍රශ්නපත්‍රයට මුහුණ දිය යුතුව ඇති බවද ඔහු අවධාරණය කර සිටී.