If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Tuesday, August 2, 2011

දරුවන්ට ගහන්නේ විනාශ කරන්න නොවේ

සිරස පුවත් 02/08/2011


විශ්වවිද්‍යාල පනත වෙනස් කිරීමට කාලය එළඹ ඇතැයි, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.
ඔහු එසේ පැවසුවේ, රජරට විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

"හාමුදුරුවන්ගේ භායානකම දේවල් වෙන්නේ පන්ස මේ බෞද්ධ විශ්වවිද්‍යාලවල හාමුදුරුගොල්ලන් අතර පිං කැටේ සල්ලි ටිකක් හාමුදුරුවන්ට එවලා නිවාඩුවට ආපුවම ඉගන ගන්න ආණ්ඩුවෙනුත් ලක්ෂයක් ලක්ෂ 2,3ක් ඒ අයට වියදම් කරලා අපි එළියට දානවා. සිවුර ගලවලා යන්න, ඉතිං එහෙම අය හදන්න හාමුදුරු ගොල්ලන්

විශ්වවිද්‍යාලවලට ගන්න ඕනේ නැහැ. දරුවෝ කළබල කරනකොට දරුවන්ට ගහලා එළියට දාන්න ඕන. හැබැයි,

ඒ ගහන්නේ විනාස කරන්න නෙවෙයි. මේ විශ්වවිද්‍යාල පනත් හුගක් පරණයි, වඩාත් ඵලදායක වඩාත් සංවර්ධනාත්මක අලුත් පනතකට යන්න කාලය ඇවිල්ලා

තියෙනවා කියලා තමයි මම විශ්වාස කරන්නේ"රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ නව ගොඩනැගිල්ලකට මුල් ගල් තැබීම වෙනුවෙන් එම උත්සවය සංවිධානය කර තිබුණි.