If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, August 6, 2011

නව පත්වීම් ලිපි නැතිව අංශාධිපතිධුර භාරගැනීමට ආචාර්යවරු තීරණය කරති

දිවයින 06/08/2011

නිලන්ත මදුරාවල

නව පත්වීම් ලිපි නොමැතිව අංශාධිපතිධුර භාර ගැනීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඊයේ (5 වැනිදා) තීරණය කළේය.

සම්මේලනයේ විධායක සභාව ඊයේ රැස්‌ වී මෙම තීරණය ගත් බව එහි සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා "දිවයින"ට පැවැසීය.

ආචාර්වරුන්ගේ වැටුප් වැඩි කිරීමට ආණ්‌ඩුව එකඟ වීමෙන් පසුව වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවීමට සම්මේලනය තීරණය කළ නමුත් අංශාධිපතිධුර භාරගැනීම සඳහා නව පත්වීම් ලිපි නිකුත් කළ යුතු යෑයි සම්මේලනය තරයේම ප්‍රකාශ කළේය. එහෙත් අංශාධිපතිධුරවලින් ඉල්ලා අස්‌වීමේ ලිපි පාලක සභා භාරගෙන නොමැති හෙයින් යළි නව පත්වීම් ලිපි නිකුත් කිරීම අවශ්‍ය නැති බවට උපකුලපතිවරුන්ගේ සම්මේලනය ද තීරණය කළේය.

මෙම තත්ත්වය මත විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නොහැකි වූ අතර පවතින තත්ත්වය පිළිබඳ සලකා බලා නව පත්වීම් ලිපි නොමැතිව අංශාධිපතිධුර භාරගැනීමට තීරණය කළ බව සභාපතිවරයා කීවේය.