If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, August 6, 2011

උපාධිධාරීන් 49 ක්‌ එස්‌.අයි. තනතුරුවලට - "ඒ" සාමාර්ථ ලැබූ 22 ක්‌ ඒ අතර

දිවයින 06/08/2011

හේමන්ත රන්දුණු

පොලිස්‌ දෙපාර්තමේන්තු ඉතිහාසයේ මුල්වරට උපපොලිස්‌ පරීක්‌ෂක තනතුර සඳහා උපාධිධාරීන් 49 දෙනකු බඳවා ගත් බව පොලිස්‌ බඳවා ගැනීමේ අංශය පවසයි.

මෙම තනතුර සඳහා බඳවා ගත් උප පොලිස්‌ පරීක්‌ෂකවරුන් අතර උසස්‌ පෙළ විභාගයේ සියලුම විෂයන් සඳහා "ඒ" සාමාර්ථ ලබාගත් විසිදෙදෙනෙකු (22) සිටින බව එම ආරංචි මාර්ග කියා සිටියි. ආධුනික උප පොලිස්‌ පරීක්‌ෂක තනතුර සඳහා 26,000 ක්‌ අයෑදුම්කරුවන් පෙනී සිටි අතර ඉන් 201 දෙනකු එම තනතුරට තෝරාගන්නා ලදී.

මෙම තනතුර සඳහා අයදුම් කළ අයෑදුම්කරුවන්ගෙන් වැඩි දෙනකු ඉහළම අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කළ අය බවද පොලිස්‌ බඳවා ගැනීම් අංශය කියා සිටියි.

ආධුනික උප පොලිස්‌ පරීක්‌ෂකවරුන් ලෙස තෝරාගත් නිලධාරීන් 201 දෙනාගේ පුහුණුවීම් කටයුතු හෙට (07 වැනිදා) සිට ආරම්භ කෙරෙන අතර වසරක කාලයක්‌ එම පුහුණුව කෙරෙන බවද පොලිස්‌ බඳවා ගැනීමේ අංශයේ අධ්‍යක්‌ෂ පොලිස්‌ අධිකාරී කිත්සිරි ජයලත් මහතා පැවැසීය.