If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, July 2, 2011

හොර තෙල් ගෙන්වීම බෙදා හැරීමට එරෙහිව දයාසිරි අධිකරණයට: වාහන හානි වූවන්ගෙන් තොරතුරු ඉල්ලයි

(ලංකා ඊ නිව්ස් -2011.ජූලි.02, ප.ව.2.40) හොර තෙල් ටොන් 20000 ක් ආනයනය කර රට තුල ඛෙදා හැරීම නිසා ඒවා භාවිතා කළ රථ වාහන සහ යන්ත්‍ර සූත්‍ර විනාශ වීම හේතුවෙන් ඒවායේ හිමිකරුවන් සමග පා.ම. නීතීඥ දයාසිරි ජයසේකර මහතා ඛනිජ තෙල් අමාත්‍යාංශයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යන බව 'ලංකා ඊ නිව්ස්' වෙත පැවසීය.

වාර්තා වන අන්දමට මෙම හොර පෙට්‍රල් ලෙස දිවයින පුරා ඛෙදා ඇත්තේ පෙට්‍රල් නොවන වෙනත් ද්‍රාවණයකි. පිරිසිදු පෙට්‍රල් සමග බාගයට බාගයක් දක්වා මිශ්‍ර කළ හැකි මෙම රසායනික ද්‍රාවණය මීට වඩා අඩු ප්‍රමාණයකින් මිශ්‍ර කරන ලද පෙට්‍රල් මීට පෙරත් ආනයනය කර ඛෙදා හැර ඇත. වැඩි ලාබයක් ලැබීම සඳහා පනහට පනහක් මිශ්‍ර කිරීම හේතුවෙන් මෙවර වැඩේ හසුවී ඇත. සියයට 70 යි 30 ප්‍රමාණයකින් එම ද්‍රාවණය මිශ්‍ර කෙළේ නම් එකවර වාහන නවතින්නේ නැත. වාහන ලෙඩ දීමට කාලයක් ගත වන්නේ වුවත් එවිට මෙසේ අතේ මාට්ටු වන්නේ නැතැයි ද මේ පිලිබඳ තතු දන්නෝ පවසති.

දීර්ඝ කාලයක් පුරා පුද්ගලික කැබ් රථ සේවාවක් පවත්වාගෙන යන ලංකාවේ කීර්තිමත් පුද්ගලික ආයතනයක් සතු රථ වලින් 85% ක්ම සුසිල් ප්‍රේම් ජයන්ත්ගේ හොර තෙල් නිසා හානියට පත්ව ඇත. එක් රථයක් යලි ධාවනයට සුදුසු තත්ත්වයට ගෙන ඒම වෙනුවෙන් අවම වශයෙන් රුපියල් 20,000/- ක් වැය කිරීමට එම සමාගමට සිදුව තිබේ.

දිවයින පුරා මෙලෙස තනි තනිව පාඩු ලැබූ පිරිස අපමණය. මෙම පිරිස වෙනුවෙන් මෙම හොරතෙල් ආනයනය වෙනුවෙන් වගකිව යුතු ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දයාසිරි ජයසේකර මහතා, හොර පෙට්‍රල් භාවිතය නිසා තම රථ සහ යන්ත්‍ර සූත්‍ර විනාශ වීම ගැන සාක්ෂි සහිත සත්‍ය තොරතුරු තමා වෙත සපයන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.