If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, July 2, 2011

ජ"පුර සරසවිය ක්‍රීඩාපිටියට ලක්‌ෂ 42 ක්‌ හිතුමතේ වැය කරලා

දිවයින 03/07/2011

නිලන්ත මදුරාවල

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාපිටිය ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා ටෙන්ඩර් පටිපාටියෙන් තොරව රුපියල් ලක්‌ෂ හතලිස්‌ දෙකකට අධික මුදලක්‌ පසුගිය වසරේදී වැය කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ පරීක්‌ෂණයකින් හෙළි වී ඇත.

මෙම මුදල කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම සඳහා දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය අවශ්‍ය වුවද එම ගෙවීම් සඳහා හදිසි අත්‍යවශ්‍ය කටයුත්තක්‌ වශයෙන් විශ්වවිද්‍යාලයීය පාලක සභාවෙන් අනුමැතිය ලබාගෙන තිබූ බව මේ පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව උපකුලපතිවරයාට යවා ඇති විගණන විමසුමේ සඳහන් වේ. පසුගිය වසරේ පැවති අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ පැසිපන්දු, ටෙනිස්‌ හා වොලිබෝල් යන ක්‍රීඩා සඳහා පහසුකම් ලබා ගැනීමට ප්‍රතිසංස්‌කරණ කටයුතු සිදු කිරීම ආරම්භ කළ නමුත් කලට වේලාවට ප්‍රතිසංස්‌කරණ කටයුතු අවසන් නොවීම නිසා ක්‍රීඩා තරග සඳහා බාහිර ක්‍රීඩාපිටි ලබා ගැනීමට රුපියල් තුන්ලක්‌ෂයක පමණ මුදලක්‌ද වැය කර ඇතැයිද අනාවරණය වී තිබේ.

පසුගිය වසරේ මැයි මාසයේදී ප්‍රතිසංස්‌කරණ කටයුතු ආරම්භ කළද අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා තරග පැවති සැප්තැම්බර් වන විටත් ප්‍රතිසංස්‌කරණ කටයුතු අවසන් වී නොතිබුණු බවත් විගණන විමසුමේ සඳහන් කර ඇත.