If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Monday, July 18, 2011

ඔන් ලයින් ක්‍රමයෙන් ප්‍රසිද්ධ විභාග පැවැත්වීමේ ඉඩක්

අද  දෙරණ

ඔන් ලයින් ක්‍රමය යටතේ ප්‍රසිද්ධ විභාග පැවැත්වීමේ හැකියාව පවතින බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙවර විශ්ව විද්‍යාලයට තේරී පත් වී සිටින සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කිරීමේ විභාගයක් මෙම ක්‍රමය යටතේ සාර්ථකව පැවැත්වූ බව අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශ කළේය.

ඒ සඳහා සිසුන් 16, 000ක් පමණ පෙනී සිට ඇති අතර ඔවුන්ගේ ප්‍රතිඵල එම අවස්ථාවේ දීම නිකුත්කර තිබේ.

ඒ අනුව ඉදිරියේ දී උසස් පෙළ හා සාමාන්‍ය පෙළ ඇතුළු විභාග වල ඇතැම් බහුවරණ ප්‍රශ්න පත්‍ර ඔන්ලයින් තාක්ෂණය හරහා පැවැත්වීමේ හැකියාව ඇති බව ලේකම්වරයා සඳහන් කළේය.

ජාතික දුරස්ථ අධ්‍යාපන සේවය ‍මඟින් දිවයිනේ පිහිටුවා ඇති මධ්‍යස්ථාන හරහා මෙම සේවාව ලබා ගත හැකිය.

පුහුණුව ලත් කාර්යය මණ්ඩලයක සේවාව සහ අන්තර්ජාල උපදෙස් මත එම කටයුතු කිරීමේ හැකියාව පවතින බව ද ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශ කළේය.