If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Monday, July 18, 2011

සරසවි ඇඳුරන්ගේ ගැටලුව ගැන සාකච්ඡාවක්


Monday , 18 July 2011

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීම් මෙණ්ඩිස් පැවසුවේ ඊට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු රජයේ නිලධාරීන් රැසක් සහභාගිවීමට නියමිත බවය.
අදාළ සාකච්ඡාව සවස 6ට පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවලදී අවධානය යොමු නොවූ කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමුකරන බව ඔහු  සඳහන් කළේය.

ආචාර්ය මහීම් මෙණ්ඩිස් පැවසුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ට ලබාදීමට රජය එකඟ වූ එක් ලක්ෂ පහලොස් දහසක වැටුප මහාචාර්යවරුන්, ආචාර්යවරුන් හා කථිකාචාර්යවරුන්ටද ලබාදීමට රජය පියවර ගත යුතු බවය.

ඒ පිළිබඳව රජය ලිඛිත පොරොන්දුවක් ලබාදිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

එවැනි ක්‍රියාමාර්ගයකින් තොරව තම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීම කෙරෙහී අවධානය යොමු නොකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති ප්‍රකාශ කළේය.