If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, July 8, 2011

සෞන්දර්ය විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමයේ වෙනසක්‌

දිවයින 08/07/2011

නිලන්ත මදුරාවල

ලබන වසරේ සිට සෞන්දර්ය විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමයේ වෙනසක්‌ සිදු කිරීමට උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වෙයි.

එම විශ්වවිද්‍යාලයේ පාඨමාලාවලට ඇතුළත් වීම සඳහා ප්‍රායෝගික පරීක්‍ෂණයකින් සමත්වීම අනිවාර්ය වන අතර ලබන වසරේ සිට සියයට පනහක්‌ ප්‍රායෝගික පරීක්‍ෂණයෙන්ද ඉතිරි සියයට පනහ උසස්‌ පෙළ සුදුසුකම් මතද ඇතුළත් කර ගැනීම කෙරෙහි අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

මීට හේතුවී ඇත්තේ මෙවර ප්‍රායෝගික පරීක්‍ෂණයට පෙනී සිටි සිසුන් අතරින් උසස්‌ පෙළ විභාගයෙන් විෂයයන් තුනටම "ඒ" සාමර්ථයන් ලැබූ සිසුන් හැත්තෑ දෙදෙනකු ඉන් අසමත් වීමයි. ප්‍රායෝගික පරීක්‍ෂණයෙන් සමත් වීමේ ලකුණු මට්‌ටම සියයට පනහේ සිට හතළිහ දක්‌වා අඩු කර ඇති අතර එවිටද එම සිසුන්ගෙන් ඇතුළත් වීමට සුදුසුකම් ලබන්නේ තිස්‌ දෙදෙනකු පමණක්‌ බව ඇමැති එස්‌. බී. දිසානායක මහතා පැවසීය. විෂයයන් තුනටම "ඒ" සාමාර්ථයන් ලැබූ සෙසු සිසුන් සම්බන්ධයෙන් කළ හැකි දෙයක්‌ නැතැයි කී ඒ මහතා ලබන වසරේ සිට එම විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමයේ වෙනසක්‌ සිදුකරන බවද පැවසීය.