If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, July 8, 2011

සරසවි සිසුන්ගේ පුහුණු වැඩසටහනේ දෙවැනි අදියරේ සිසු සිසුවියන් 982 දෙනෙක්‌ විසිර යති

දිවයින 08/07/2011

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

සරසවි සිසු නායකත්ව හා ආකල්ප වර්ධන පුහුණු වැඩසටහනේ දෙවැනි අදියර පාඨමාලාව හැදෑරූ සිසු සිසුවියෝ 982 දෙනකු පෙරේදා (06 වැනිදා) රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බළකා පුහුණු මධ්‍යස්‌ථානයේදී පුහුණුව අවසන් කර විසිර ගියහ.

ජාතික ශිෂ්‍ය භට බළකායේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ගාමිණී ජයසුන්දර මහතාගේ මෙහෙයවීම මත ශිෂ්‍ය භට බළකා උපදේශක නිලධාරීන් සහ නිලධාරිනියන් විසින් පැවැත්වූ මෙම පුහුණු පාඨමාලාව සඳහා ඉදිරිපත් වී සිටි 982 දෙදෙනා අතරින් 958 දෙනකුම දෙමළ සහ මුස්‌ලිම් ජාතික සිසු සිසුවියෝ වූහ.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සිංහල, දෙමළ, මුස්‌ලිම් සිසු සිසුවියෝ දැඩි සහෝදරත්වයකින් සහ එකමුතු කමකින් යුතුව සතුටින් ගත කළ කාලය නිමාකර එකිනෙකාගෙන් සමුගෙන ගියේ සමුගැනීමේ දුක සිත් තුළ රඳවා ගනිමිනි.

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ සහ මෙහෙයවීම මත මෙරට පාසල් සිසු දරුවන්ට විශාල මෙහෙයක්‌ ඉටුකරන ජාතික ශිෂ්‍යභට බළකාය ඉන් නොනැවතී මෙරට සරසවි සිසුන්ගේ නායකත්ව සහ ආකල්ප වර්ධනය උදෙසා මෙම පාඨමාලාව උපරිම සාර්ථක අයුරින් පැවැත් වූ බව ජාතික ශිෂ්‍ය භට බළකායේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ගාමිණී ජයසුන්දර පැවසීය.

විසිර ගිය සිසු සිසුවියන්ගේ ආචාර පෙළපාලිය මේජර් ජෙනරාල් ජයසුන්දර විසින් පරීක්‍ෂා කළ අන්දම ඡායාරූප වලින් දැක්‌වේ.