If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, July 8, 2011

උසස්‌ පෙළ විභාගයට බාධා වනතුරු නොසිට සරසවි ආචාර්යවරුන්ගේ ගැටලු විසඳන්න - අකිල විරාඡ් කාරියවසම්

දිවයින 08/07/2011

පියසේන දිසානායක

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස්‌ පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම වර්ජනය කරන තුරු බලා නොසිට ඔවුන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා රජය කඩිනම් පියවර ගත යුතු බව එක්‌සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාඡ් කාරියවසම් මහතා ඊයේ (7 දා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පැවැසීය.

සිය ප්‍රශ්නයට විසඳුම් ලබානොදුනහොත් උසස්‌ පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගැයීමේ කටයුතුවලින් පවා ඉවත්වන බවට විශ්වවිද්‍යාල ආචාර්යවරු අනතුරු අඟවා තිබියදී රජය ඒ ගැන අවධානය යොමු නොකර විකල්ප ක්‍රියාමාර්ග ගැන කතාකිරීමෙන් ප්‍රශ්නය තවත් දුර දිග යැමට ඉඩ තිබෙන බව හෙතෙම පැවැසීය.

විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවැති පුවත්පත් සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය කළ අකිල විරාඡ් කාරියවසම් මහතා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් සකස්‌ කරනු ලබන උසස්‌ පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම සඳහා පාසල් ගුරුවරු යෙදවීමෙන් එම දරුවන්ට බලවත් අසාධාරණයක්‌ සිදුවිය හැකි බව පැවැසීය.