
ඒ අනුව මෙවර විශ්ව විද්‍යාලයට තේරී පත් වී ඇති විසි දෙදහස් පන්සියයකට අධික විශ්ව විද්‍යාල සිසුන් සියලුදෙනා වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට පියවර ගෙන තිබේ. නායකත්ව පුහුණුව ලබා දෙන අතරතුර මෙම වෛද්‍ය පරීක්ෂණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය ප්‍රකාශ කරයි.
එමඟින් අදාළ සිසුන්ගේ පෝෂණ තත්ත්වය පිළිබඳව හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කරනු ඇත. පෝෂණ තත්ත්වය අඩු සිසුන්ට එම තත්ත්වය වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන අතරම ස්ථුලභාවය අධික සිසුන්ට එම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම ද මෙමඟින් අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.