
එහි සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කළේ, වැටුප් ගැටළුවට විසඳුම් ලෙස පසුගියදා රජය වෙත ඉදිරිපත් කළ මෙම යෝජනාවලිය පිළිබඳව සාකච්ඡා වට 2 ක් පැවැත්වූ බවයි.
එස්. බී. දිසානායක සහ බැසිල් රාජපක්‍ෂ යන අමාත්‍යවරුන් සමග පැවති එම සාකච්ඡාවලදී ආචාර්යවරුන්ගේ වැටුප් ගැටළුවට විසඳුම් ලබාදිය යුතු බව ඔවුන් ද පිළිගත් බව සභාපතිවරයා කියා සිටියා.
ඉදිරි සතිය තුළදී ආචාර්යවරුන් ඉදිරිපත් කළ මෙම අන්තර්කාලීන යෝජනා සම්බන්ධයෙන් රජයේ ප‍්‍රතිචාරය තමන් වෙත ලැබෙනු ඇති බව ඔවුන් විශ්වාසය පල කරනවා. ඒ මත පදනම්ව ආචාර්යවරුන් ආරම්භ කර ඇති වෘත්තීය ක‍්‍රියා මාර්ගය සම්බන්ධයෙන් ද ලබන සතිය තුළ තීරණයක් ගැනීමට තමන් අපේක්‍ෂා කරන බව ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිවරයා තවදුරටත් කියා සිටියා.