If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Sunday, July 3, 2011

සහගහන අපරාධ කරන්න එපා

CNEWS.LK

අගෝස්තු මාසයේ පැවැත්වෙන උසස් පෙළ විභාගය කඩාකප්පල් කිරීමට කිසිවකුට ඉඩ නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.


අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වූවා.

දෙලක්ෂ හැත්ත දෙ‍දහසක් අගෝස්තු මාසයේ විභාගයට පෙනී සිටිනවා. මනුස්සකම පිහිටලා නැති මිනිස්සු කිහිප දෙනෙක් ප්‍රකාශ කරනවා. මේ පාර උසස් පෙළ ළමයින්ගේ ප්‍රශ්න පත්තරේ බලන්නෙ නැහැ කියලා.



මම කියනවා සහගහන අපරාධ කරන්න එපා. ප්‍රශ්නයකට කිසි වෙලාවක දරුවෙක් ප්‍රාණ ඇපයට ගන්න හොඳ නැහැ. අගෝස්තු මාසයේ විභාගය කඩාකප්පල් කරන්න කිසිවකුටත් කිසිවිටකත් ඉඩ දෙන්නේ නැහැ තියන එක ඉතාම වගකීමෙන් යුතුව මේ අවස්ථාවේ මතක් කරනවා යැයි ද පැවසීය.