If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, July 1, 2011

සරසවි ඇදුරු ප්‍රශ්නයට විසඳුම් නැතොත් උසස්‌ අධ්‍යාපනය දරුණු ලෙස කඩා වැටේවි - රුවන් විජේවර්ධන

දිවයින 01/07/2011

අකිත පෙරේරා

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නයට රජය විසින් කඩිනමින් විසඳුමක්‌ ලබා නොදුනහොත් මෙරට උසස්‌ අධ්‍යාපනය දරුණු කඩා වැටීමකට ලක්‌ විය හැකි යෑයි එක්‌සත් ජාතික පක්‍ෂයේ ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විෙ-වර්ධන මහතා ඊයේ (30 වැනිදා) මාධ්‍ය හමුවකදී පැවසීය.

ආචාර්යවරුන් සිය වැටුප් සම්බන්ධයෙන් කරනු ලබන ඉල්ලීම් සාධාරණ බවද කී මන්ත්‍රීවරයා රජය විසින් ඔවුන්ට එරෙහිව සිදුකරන අපහාසාත්මක කතා එජාපය තරයේ හෙළා දකින බවද කීය.

පසුගිය මැතිවරණවලදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට විශාල වශයෙන් සහයෝගය ලබාදුන් බවද සඳහන් කළ විෙ-වර්ධන මන්ත්‍රීවරයා අදාළ වැටුප් ප්‍රශ්නය හේතුවෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු අඩපණව ඇතැයි ද සඳහන් කළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රුපියල් ලක්‍ෂ 02 ක වැටුපක්‌ ඉල්ලා නැතැයි ද ඔවුන්ගේ ඉල්ලීම් ඉතා සාධාරණ බැවින් ජනාධිපතිවරයා මීට වහාම මැදිහත්වී විසඳුම් ලබාදිය යුතු යෑයි ද ඒ මහතා කියා සිටියේය.

රජය විසින් නවක විශ්වවිද්‍යාල සිසුන්ට ලබාදෙන නායකත්ව පුහුණුවද වහාම අත්හිටුවිය යුතු යෑයි ද කී එජාප මන්ත්‍රීවරයා දැනට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුවන මෙවැනි අසාධාරණ ක්‍රියා දිගින් දිගටම සිදුවුණොත් එජාපයට අනුබද්ධ සරසවි යොවුන් පෙරමුණ සහ අනෙකුත් ශිෂ්‍ය සංගම්ද, බහුජන සංවිධානද ඒකරාශී කොට රජයට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක්‌ සංවිධාන කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.