අද දෙරණ 30/06/2011
විදේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙරට සරසවි වල අධ්‍යාපන අවස්ථා ඉහළ නැංවීම තුළින් මෙරට දිළිඳු හා දුෂ්කරතාවට පත්ව සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අසාධාරණයක් සිදුවන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
විදේශීය සිසුන් සඳහා 0.5% ක පැවති අධ්‍යාපන අවස්ථා ප්‍රතිශතය 5% දක්වා ඉහළ නැංවීමට රජය කටයුතු කර ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි.
එය දුෂ්කර ප්‍රදේශයන්හි අහිංසක දරු දැරියන්ට විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට තිබෙන අවස්ථාව කප්පාදු කිරීමක් බව විජයවර්ධන මහතා පෙන්වාදෙයි.
එය, මුදල් වෙනුවෙන් මෙරට අහිංසක දිළිඳු දරු දැරියන්ගේ අනාගතය විනාශ කිරීමක් බව විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.