If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Thursday, June 30, 2011

සරසවි ප්‍රධානීන් තනතුරු වලින් ඉවත් වීම වළකාලන නියෝගය දීර්ඝ කෙරේ

CNEWS.LK


වයඹ,රුහුණු සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල අංශ ප්‍රධානීන් එම තනතුරුවලින් ඉවත්වීම වළක්වමින් අභියාචනාධිකරණය මීට පෙර දෙන ලද අතුරු තහනම් නියෝගය අද යළිත් ජුලි 27 වැනිදා දක්වා දිර්ඝ කළේය.
 

අදාළ විශ්වවිද්‍යාල තුනෙහි සිසුන් ඉදිරිපත් කර තිබූ පෙත්සම් තුනක් අද (30) යළි කැඳ වූ අවස්ථාවේ දී මෙම නියෝගය ලබාදෙනු ලැබුවා.

අභියාචනාධිකරණයේ සභාපති එස්. ස්කන්ධරාජා සහ උපාලි අබේරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ අද එම පෙත්සම් යළි කැදවනු ලැබිණ. ඒ සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරිමට විශ්වවිද්‍යාලවල අංශ ප්‍රධානීන්ට අධිකරණය ජුලි 27 වැනි දින තෙක් කල් ලබා දුන්නේය.

පෙත්සම්කරුවන් පෙන්වා දුන්නේ, සරසවි අංශ ප්‍රධානීන් සිය රාජකාරීවලින් ඉවත්වීමෙන් සිසු , සිසුවියන්ගේ අධ්‍යන කටයුතු අඩාල වන බවයි. ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය කඩා වැටීමට ඉඩ ඇති බවද පෙත්සම්වල සඳහන් වේ.