If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, July 8, 2011

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා මාණ්‌ඩලික හා අනධ්‍යයන සරසවි සංගම් 2ක්‌ සටනට

දිවයින 08/07/2011

නිලන්ත මදුරාවල

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන්නේ නම් තමන්ගේ ද වැටුප් විෂමතා ඉවත් කළ යුතු යෑයි විශ්වවිද්‍යාල මාණ්‌ඩලික නිලධාරීන්ගේ සංගමය සහ අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති සම්මේලනය පවසයි.

එසේ නොවුණහොත් දෙපාර්ශ්වයම ඒකාබද්ධව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ආර්. එම්. චන්ද්‍රපාල මහතා පැවසීය. වසර පහකට අධික කාලයක්‌ තිස්‌සේ පවතින වැටුප් විෂමතා ඉවත් නොකිරීම ඇතුළු ගැටලු කිහිපයකට මෙතෙක්‌ විසඳුම් ලබානොදීමට එරෙහිව ලබන සඳුදා (11 වැනිදා) සියලුම විශ්වවිද්‍යාලයන්හි පෝස්‌ටර් ව්‍යාපාරයක්‌ ක්‍රියාත්මක කිරීමටද එම සම්මේලනය සැලසුම් කර ඇත. ඉන් පසුව පිකටිං ව්‍යාපාර, දැනුවත් කිරීමේ රැස්‌වීම් හා සංකේත වැඩවර්ජන පැවැත්වීමට තීරණය කර ඇතැයිද සභාපතිවරයා තවදුරටත් සඳහන් කළේය.