If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, July 8, 2011

සරසවි ඇදුරන්ගේ වැටුප් අවුල ලබන සතියේ නිමා වේවි - ඇමැති එස්‌. බී. දිසානායක

දිවයින 08/07/2011

නිලන්ත මදුරාවල

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය ලබන සතියේදී නිමාවට පත්වනු ඇතැයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා පැවසීය. මේ අවස්‌ථාවේදී ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කළ නොහැකි යෑයි ද ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතා පමණක්‌ ඉවත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය එකඟතාව පළ කර ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය. උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඊයේ (7 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.

ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමග නිලධාරී මට්‌ටමින් සාකච්ඡා වටයක්‌ පවත්වා ඇතැයි ද ඉදිරි දින කිහිපයේ දී දෙපාර්ශ්වය අතර තවත් සාකච්ඡාවක්‌ පැවැත්වෙනු ඇතැයිද එස්‌. බී. දිසානායක මහතා කියා සිටියේය.

ආචාර්යවරුයි, අපියි පසුගිය දිනවල රණ්‌ඩු වුණානෙ. ඒ නිසා ඒ ප්‍රශ්නයේදී අපි ටිකක්‌ ඈත්වෙලා ඉන්නෙ. ජනාධිපතිතුමා මේ ගැටලුවට මැදිහත් වී සිටිනවා යෑයිද ඇමැතිවරයා පැවසීය.