If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, June 17, 2011

අද මහපොළට එස්‌. බී. පැමිණීමට විරෝධය

දිවයින

නිලන්ත මදුරාවල

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී අද (17 වැනිදා) පෙරවරුවේ පැවැත්වෙන මහපොළ ශිෂ්‍යත්ව පිරිනැමීමේ උළෙලට ප්‍රධාන අමුත්තා වශයෙන් උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා සහභාගි කරවීම සම්බන්ධයෙන් එහි ආචාර්ය සංගමය දැඩි විරෝධය පළ කරයි.

උසස්‌ අධ්‍යාපනය හා විශ්වවිද්‍යාල ප්‍රජාව සම්බන්ධයෙන් ඇමැතිවරයා පසුගිය දිනවල නැගූ අවලාද හා අපහාස හේතුවෙන් මෙම විරෝධය පළකරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමය ඇමැතිවරයා අද උත්සවයට සහභාගි වීමට පැමිණියහොත් විරෝධතා ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමට ද සංගමය සැලැසුම් කර ඇත.

ඇමැතිවරයා පසුගිය දිනවල කළ ප්‍රකාශයන්ගෙන් හෙළිවන්නේ උසස්‌ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔහු දක්‌වන පහත් ආකල්පය යෑයිද ආචාර්ය සංගමය තවදුරටත් සඳහන් කරයි.