If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, June 17, 2011

සරසවි සිසු නායකත්ව පුහුණුවේ දෙවැනි අදියර අද සිට

දිවයින

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

සරසවි සිසුන් සඳහා වන නායකත්ව පුහුණු පාඨමාලාවේ දෙවන අදියර දිවයින පුරා පිහිටි හමුදා සහ පොලිස්‌ පුහුණු මධ්‍යස්‌ථාන 29 කදී අද (17 දා) ආරම්භ කෙරේ. නවක සරසවි සිසුන් 10,032 දෙනකු මෙම දෙවන අදියර සඳහා තෝරාගෙන ඇති අතර, ඔවුන් ලියාපදිංචි කිරීම අදාළ මධ්‍යස්‌ථානවලදී ඊයේ  (16 දා) ආරම්භ විය.

සිසුන් 9,848 දෙනකු සහභාගි වූ පළමු අදියර මධ්‍යස්‌ථාන 28 ක ක්‍රියාත්මක වූ අතර, මෙවර එම සංඛ්‍යාව 29 දක්‌වා වැඩිකර තිබේ. කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සහ මැදවච්චිය පූනෑව නාවික හමුදා කඳවුර නව මධ්‍යස්‌ථාන ලෙස ආරම්භ කර ඇති අතර, ඇල්පිටිය පොලිස්‌ අභ්‍යාස විද්‍යාලයේ පැවැති පුහුණු පාඨමාලාව මෙවර එහි නොපැවැත්වේ.