If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, June 17, 2011

ඇගැයීම් වර්ජනය කරන බව ගුරු සේවා සංගමය දන්වයි උසස්‌ පෙළ ඇගැයීම් මෙවර අවුලක්‌ වෙයි!

දිවයින

සරසවි ආචාර්යවරුත් ඇගැයීම්වලින් ඉවත්වෙති


නිලන්ත මදුරාවල

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගැයීම් වර්ජනය කරන බව ලංකා ගුරු සේවා සංගමය විභාග කොමසාරිස්‌ ජනරාල් අනුර එදිරිසිංහ මහතාට ඊයේ (16 වැනිදා) ලිඛිතව දැනුම් දුන්නේය.

මෙම සංගමය මේ බව දැනුම් දී ඇත්තේ උසස්‌ පෙළ උත්තර පත්‍ර ඇගැයීම් කටයුතුවලින් ඉවත් වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙන ඇති තීරණයට සහාය පළ කිරීමට හා 2007 හා 2008 වසරවල ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් නොකිරීමට විරෝධය පළ කිරීමටය.

උසස්‌ පෙළ උත්තර පත්‍ර ඇගැයීම් කටයුතුවලින් ඉවත් වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ද මේ වන විට විභාග කොමසාරිස්‌ ජනරාල්වරයාට ලිතව දන්වා තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇගැයීම් කටයුතු සඳහා සහභාගි වනු ඇතැයි විශ්වාස කරන බව මේ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් අනුර එදිරිසිංහ මහතා සඳහන් කළේය.