If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Thursday, May 19, 2011

සරසවි සිසුන්ට හමුදා පුහුණුව ලබාදීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් සරසවි සිසුන්ට හමුදා පුහුණුව ලබාදීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

සරසවි සිසුන්ට හමුදා පුහුණුව ලබාදීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්
May 19, 2011  01:15 pm
නවක විශ්ව විද්‍යාල සිසුන්ට හමුදා පුහුණුවක් ලබාදීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තීරණය කර තිබේ.

අද දිනයේ මෙම පෙත්සම ගොනු කිරීමට පියවර ගන්නා බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර ප්‍රකාශ කළේය.

මෙසේ සිසුන්ට හමුදා පුහුණුව ලබාදීම රජයේ බලහත්කාරය මත ක්‍රියාත්මක වන්නක් බව ඒ පිළිබඳව අද දෙරණට අදහස් දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා කියා සිටියේය.

එය නීතිවිරෝධී පුහුණුවක් බවත්, ඒ තුළින් ශිෂ්‍යයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බව ද ඔහු පෙන්වාදෙයි.

එමෙන්ම ශිෂ්‍යයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමිකිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව සංජීව බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

රජයේ මෙම ක්‍රියා පිළිවෙළට විරෝධය පළකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Link: http://www.adaderana.lk/sinhala/news.php?nid=16194