If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Thursday, May 19, 2011

විරෝධතා ආවත් සරසවි සිසු නායකත්ව පුහුණුව නවතන්නේ නෑ

විරෝධතා ආවත් සරසවි සිසු නායකත්ව පුහුණුව නවතන්නේ නෑ
May 19, 2011  03:06 pm
කෙතරම් විරෝධතා එල්ලවුවද විශ්ව විද්‍යාල සිසුන්ට නායකත්ව පුහුණුව ලබාදීමේ වැඩසටහන ඉදිරියට ගෙනයන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

මෙම පුහුණු වැඩසටහන හමුදා කඳවුරුවල පවත්වනු ලැබුවද එය හමුදා පුහුණුවක් ලබාදීමක් නොවන බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

සිසුන්ට විනයක් ලබාදීම මේ තුළින් අපේක්ෂා කෙරෙන බව විශ්ව විද්‍යාල සිසුන් සඳහා නායක්තව හා ධනාත්මක හැකියා වර්ධනය පිළිබඳව පාඨමාලාව සම්බන්ධ මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජූනි මස 23 වන දින මධ්‍යස්ථාන 28 කදී මෙම වැඩසටහන ආරම්භ කිරීමට බාලපොරොත්තු වන බව ද එහිදී දිසානායක මහතා කියා සිටියේය.

මුල් අදියර සඳහා සිසුන් 10, 000 ක් සහභාගි වන බවත්, ඔවුන්ට දින 21 ක පුහුණුවක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Link: http://www.adaderana.lk/sinhala/news.php?nid=16196