May 19, 2011 08:55 am

කෙසේ වුවත් අදාළ සාකච්ඡාව සඳහා සහභාගී වන ලෙසට සිය සංගමයට මේ වන තෙක් නිල ආරාධනාවක් ලැබී නොමැති බව එම සම්මේලනයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කළේය.
එහෙත් රජයට පක්ෂපාතී ඇතැම් ආචාර්යවරුන්ට එම සාකච්ඡාව සඳහා සහභාගී වන ලෙසට ආරාධනා ලැබී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ඉහළ නැංවීම සඳහා රජය කඩිනම් විසඳුමක් ලබාදෙන තෙක් සිය වෘත්තීය අරගලය අත් නොහරින බව නිර්මාල් රංජිත් දේවසිරි මහතා අවධාරණය කර සිටියේය.
කෙසේ වුවත් ලබන 23 වැනිදා යම් ආචාර්යවරුන් කොට්ඨාසයක් සමඟ රජය සාකච්ඡා පවත්වන්නේ නම් එහිදි ගන්නා තීන්දු තීරණ පිළිබඳ සිය සංගමය දැඩි අවධානයෙන් සිටින බව ඔහු පැවසුවේය.
Link: http://www.adaderana.lk/sinhala/news.php?nid=16184