If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, May 28, 2011

විශ්වවිද්‍යාල සේවකයන්ගේ වැටුප් විෂමතා ගැන කතා කරන්න අවස්‌ථාවක්‌ ලබා දෙන්න

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති දෙකක්‌ ජනපතිගෙන් ඉල්ලයි
සිය ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවස්‌ථාවක්‌ ලබා දෙන්නැයි විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය හා අන්තර් විශ්වවිද්‍යාල වාත්තීය සමිති මහා සම්මේලනය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ලිත ඉල්ලීමක්‌ කර ඇත.

එම වෘත්තීය සංගම් ඒකාබද්ධව ජනාධිපතිවරයාට පෙරේදා (26 වැනිදා) යෑවූ ලිපියේ මෙසේද සඳහන් වේ.

විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය හා අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති මහා සම්මේලනය විසින් විශ්වවිද්‍යාල සේවකයන් මුහුණ දී ඇති වැටුප් විෂමතා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල සේවකයන් මුහුණ පා සිටින වැටුප් විෂමතා පිළිබඳව ඔබතුමා දැනුවත් කිරීමට තීරණය කරන ලදී.

2006 වසරට පෙර විශ්වවිද්‍යාල සේවකයන්ගේ වැටුප් සංශෝධනයේදී විශ්වවිද්‍යාල සේවකයන්ගේ අධ්‍යාපන සුදුසුකම් අනුව විශේෂ කණ්‌ඩායමක්‌ ලෙස හා රාජ්‍ය සේවකයන් ලබන වරප්‍රසාද නොලැබීම යන්න සැලකිල්ලට භාජන කර, වැටුප් සංශෝධනයන් සිදුකර, රාජ්‍ය සේවයට වඩා ඉහළ වැටුප් තලවල තැබීමට කටයුතු කරන ලදී. එතෙක්‌ පැවැති ක්‍රමය වෙනස්‌ කර 2006 වසරේÊසිදු කරන ලද වැටුප් සංශෝධනයේදී කොමිෂන් සභා චක්‍රලේක අංක 849 අනුව විශ්වවිද්‍යාල සේවකයන්ගේ වැටුප්තල රාජ්‍ය සේවයට සමාන කිරීම නිසා විශ්වවිද්‍යාල සේවකයන්ට වැටුප් වැඩිවීමක්‌ සිදු නොවීය. ඉන් පසුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වර්ධකයන් හා වැටුප් විෂමතා ඉවත් කළ ද, විශ්වවිද්‍යාල සේවකයන්ගේ එසේ නොකිරීම නිසා විශ්වවිද්‍යාල සේවකයන්ගේ වැටුප් පහළ මට්‌ටමකට වැටී ඇත. මේවා නිවැරැදි කරන ලෙස එවකට සිටි හා දැනට සිටින උසස්‌ අධ්‍යාපන ඇමැතිතුමන්ලාට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට, වැටුප් කොමිසමට හා ඔබතුමාට වරින්වර කරුණු ලිතව ඉදිරිපත් කළ ද, එයට මෙතෙක්‌ කිසිදු ප්‍රතිචාරයක්‌ නොදැක්‌වීම කනගාටුවට කරුණකි. මේ හේතුවෙන් විශ්වවිද්‍යාල සේවකයන් අද වන විට දැඩි නොසන්සුන්තාවකට පත්ව ඇති බව දන්වනු කැමැත්තෙමි.

එහෙයින් මේ පිළිබඳව ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කර සතුටුදායක ප්‍රතිචාරයක්‌ දක්‌වනු ඇතැයි අප හුදෙක්‌ම බලාපොරොත්තු වෙමු. මේ පිළිබඳව අප සංගම් ඒකාබද්ධව ඔබතුමා සමඟ සාකච්ඡා කිරීමට අදහස්‌ කරන බැවින් ඒ සඳහා අවස්‌ථාවක්‌ ඉතා ඉක්‌මණින් අප වෙත ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.


http://www.divaina.com/2011/05/28/news25.html