If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, May 28, 2011

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අර්ථසාධකයට කෝටි 34 ක්‌ වැඩිපුර යවලා

අජිත් අලහකෝන්

වැටුප සඳහා පමණක්‌ අර්ථ සාධක අරමුදලේ දායක මුදල් ගණනය කළ යුතු වුවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සහ විශ්වවිද්‍යාලවල සේවකයන්ගේ අධ්‍යයන දීමනාව වෙනුවෙන්ද රුපියල් කෝටි 34 කට අධික මුදලක්‌ (රුපියල් මිලියන 340.68 ක්‌) අර්ථසාධක ලෙස බැර කර ඇතැයි විගණකාධිපතිවරයා පෙන්වා දේ.

2004 වසරේ සිට 2009 දක්‌වා විශ්වවිද්‍යාල කොමිසන් සභාව මෙසේ සාවද්‍ය ආකාරයට අර්ථසාධක අරමුදලේ දායක මුදල ගණනය කර ඇතැයි පවසන විගණකාධිපතිවරයා එය නිවැරදි කරන ලෙසත්, වැඩිපුර ගෙවා ඇති මුදල් එකී අරමුදලින් නැවත අයකර ගැනීමට කටයුතු කරන ලෙසත් අයවැය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කොමිසන් සභාවට උපදෙස්‌ දී ඇතැයි ද විගණකාධිපති වාර්තාවේ සඳහන් කර ඇත.

එහෙත් එම උපදෙස්‌ ක්‍රියාත්මක නොකළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව දිගින් දිගටම මෙසේ සාවද්‍ය ගණනය කිරීම් කර ඇතැයි ද විගණකාධිපතිවරයා පවසා සිටී.

මේ පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පිළිතුරු දෙමින් විගණකාධිපතිවරයාට පවසා ඇත්තේ වැටුපට අමතරව අධ්‍යයන දීමනාවට ද අර්ථසාධක අරමුදල් ලබාදීම අධ්‍යයන සේවකයන් දිගු කලක සිට බුක්‌ති විඳින වරප්‍රසාදයක්‌ බවය. 2005 ජුනි 30 දාට පෙර සේවයට එක්‌වූ සේවකයන්ට අදාළව මෙම වරප්‍රසාදය ක්‍රියාත්මක වන බවද 2005 ජුලි 01 දිනෙන් පසුව සේවයට එක්‌වූ අයගේ අර්ථසාධක අරමුදල් ගණනයේදී අධ්‍යයන දීමනාව ඉවත්කර වැටුපට පමණක්‌ එය ගණනය කරන බවද ප්‍රතිපාදන කොමිසම පවසා ඇත.


http://www.divaina.com/2011/05/29/news05.html