Divaina, 28/05/2011, මීගහතැන්නේ ජයතිස්‌ස
හිසේ කැක්‌කුම බොහෝවිට රෝගයක් නොව රෝග ලක්‍ෂණයකි. ඇතැම්විට එයින් කියෑවෙන්නේ නිසි අවධානය යොමු නොකළහොත් මාරාන්තික විය හැකි ව්‍යාධියක් පිළිබඳව විය හැකිය.
සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලයද එවන් හිසේ කැක්‌කුමකි. දැනට වසර ගණනාවකට පෙර පටන් අඛණ්‌ඩව පැවැතෙන එය නොතකා හැරීමෙන් හෝ ඊට ගොඩ වෙදකම් කිරීමෙන් ඉවත්වී නිසි ප්‍රතිකාර ලබාදීම දැන්වත් කළ යුතු වන්නේ එය ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය කෙරෙහි මාරාන්තිකව බලපාන ව්‍යාධියක පෙර නිමිත්තක් වන බැවිනි. ඒ අනුව මෙය සරසවි ඇදුරන් හුදෙක් තමන්ගේ බඩගෝස්‌තරය සඳහා සිදුකරන පෞද්ගලික සටනක් ඉක්‌මවා ගිය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අරමුණත් සහිතය. වෙනත් ආකාරයකට කිවහොත් මෙය ජාතික ව්‍යසනයක පෙර දැක්‌ම හමුවේ සරසවි ඇදුරන් තමන් සතු යුතුකම ඉටු කිරීමට ඉදිරියට පැමිණි අවස්‌ථාවක් සේ සලකා ඒ සම්බන්ධයෙන් ඔවුනට ජාතියේ ප්‍රණාමය පුදකළ යුතුය.
මෙම රෝග විනිශ්චය කවර සාධක මත පදනම් වන්නේද රෝගයේ ස්‌වභාවය කෙබඳුද යනාදී කරුණු පිළිබඳ පැහැදිලි කිරීමක් මේ වන විට අවශ්‍යව පවතින්නේ ඇතැමකු විසින් මෙය "පැන්තලියේ කිඹුලන් දැකීම ක්" ලෙස අවතක්‌සේරු කළ හැකි නිසා පමණක්‌ම නොවේ. විෂයභාර අමාත්‍යවරයා ප්‍රමුඛ උසස් අධ්‍යාපනයට වග කිව යුතු බලධාරීන් මේ වන විට පෙරකී ජාතික අවශ්‍යතාවය ඉටු කිරීමට ඉදිරියට පැමිණි ආචාර්යවරුන්ට මඩ ගසමින්, නිග්‍රහ කරමින් හා අවලාද නගමින් රටේ මහජනතාව නොමඟ යවා යථාර්ථය වසන් කිරීමේ උත්සාහයක නිරතව සිටින නිසාය. ඒ තුළින් මෙම ව්‍යාධියට ප්‍රතිකර්ම යෙදීම දිනෙන් දින පමා වී අර්බුදය අසාධ්‍ය වීම වඩාත් ඉක්‌මන් විය හැකි නිසාය. එබැවින් දැනට විශ්වවිද්‍යාලවලට ඇතුළත්ව සිටින්නා වූත් ඉදිරියට ඇතුළුවීමට බලාපොරොත්තු වන්නාවූත් දරුවන් මෙන් ම ඔවුන්ගේ දෙමව්පියන් ද මේ යථාර්ථය පිළිබඳව දැනුවත් කිරීම යුතුකමක් මෙන්ම වගකීමක් ද වේ.
එය වඩාත් පැහැදිලි කිරීම සඳහා මෙකී ව්‍යාධියේ රෝග ලක්‍ෂණ වශයෙන් කලක පටන් අප අත්දකිමින් සිටින සත්‍යයන් කිහිපයක් සැබෑ උදාහරණ ඇසුරෙන් ගෙනහැර දැක්‌වීම වටී. හොඳ වඩුකාර්මිකයන් බිහි කිරීම වඩාම සාර්ථකව කළ හැක්‌කේ දක්‍ෂතම වඩු කාර්මිකයකු හටය. එමෙන්ම හොඳ ඉංජිනේරුවන් බිහි කිරීමට ද හොඳම ඉංජිනේරුවන් ටික විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස රඳවාගත යුතුය. කලකට පෙර මෙම විශ්වවිද්‍යාලයෙන් උසස් පෙළ ඉංජිනේරු උපාධිය සමත්වූ ශිෂ්‍යයකු විශ්වවිද්‍යාල ආචාර්ය මණ්‌ඩලයට බැඳෙනු දකින්නට ඔහුගේ ගුරුවරුන්ට අවශ්‍ය විය. එහෙත් මේ තරුණයාගේ ඒ සඳහා උනන්දුවක් නොතිබූ හෙයින් එම ඉංජිනේරු පීඨ ගුරුවරුන් කළේ එවකට වෙනත් විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙස කටයුතු කළ මෙම තරුණ ඉංජිනේරුවාගේ පියා දැනුවත් කොට විශ්වවිද්‍යාල ආචාර්ය මණ්‌ඩලයට බැඳෙන ලෙස පුත්‍රයා උනන්දු කරවන්නැයි පියාගෙන් ඉල්ලා සිටීමයි. පවත්නා තත්ත්වය ඇතුළුÊසියලු කරුණු සැලකිල්ලට ගත් මේ මහාචාර්යවරයා කළේ ඒ සඳහා සෘජුවම මැදිහත් වෙනවා වෙනුවට තම බිරිඳ ලවා පුතුට මේ ඉල්ලීම යොමු කිරීමයි. මේ පිළිබඳව තම පුතුගේ සැබෑම අදහස දැනගැනීමට නම් සාකච්ඡාව සඳහා වඩාත් සුහද හා සමීප වාතාවරණයක් තිබිය යුතු යෑයි පියා විශ්වාස කරන්නට ඇත. එම කාර්යය භාරගත් මව තාත්තාගේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තනතුර සහ ඊට හිමි සමාජ තත්ත්වය ආදිය ද හුවා දක්‌වමින් අදාළ ඉල්ලීම කළ ද, ඊට සාර්ථක ප්‍රතිචාරයක් නොලැබුණි.
පුතා එතැනින් ඉවත්ව ගියේ ඔය වාගේ තුට්‌ටු දෙකේ පඩියක් ලැබෙන රස්‌සාවක රැඳිල ඉන්න තරම් තාත්තට පිස්‌සු උණාට මට පිස්‌සු නැතැ යි කියමිනි. වසර තිස්‌පහකට ආසන්න සේවා කාලයක් සහිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තාත්තා ගේ වැටුප මෙන් දෙගුණයකට ආසන්න ආරම්භක වැටුපක් ලැබෙන පෞද්ගලික අංශයේ රැකියාවකට ඒ වන විටත් මේ පුත්‍රයා යොමු වී තිබුණි. එහෙත් මේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තාත්තා එදා වැටුපම ලබමින් අදත් විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයේ රැඳී සිටී.
මේ සැබෑ සංකේතාත්මක උදාහරණයක් ලෙස දැක්‌වූ නමුදු මෙයින් හෙළිවන කටුක යථාර්ථය සියලු විශ්වවිද්‍යාලවලට පොදුවේත් කොළඹින් දුර බැහැර විශ්වවිද්‍යාලවලට විශේෂයෙනුත් සත්‍යවන සංසිද්ධියකි. මේ නිසා විශේෂයෙන්ම වෛද්‍ය, ඉංජිනේරු ආදී පීඨයන්හි පුරප්පාඩු පිරවීම සඳහා ඉල්ලුම්පත්‍ර කැඳවීමේදී වඩාම හොඳ ප්‍රතිඵල පෙන්වූ උපාධිධාරීන් වෙනුවට ඊට පසු පෙළ උපාධිධාරීන්ගෙන් පමණක් ඉල්ලුම් පත්‍ර ලැබීම මේ වන විට බොහෝ විශ්වවිද්‍යාලවල දැකිය හැකි සංසිද්ධියකි.
මෙකී ව්‍යාධියේ දෙවැනි රෝග ලක්‍ෂණය ආධුනික කථිකාචාර්යවරුන් ලෙස විශ්වවිද්‍යාලයකට බැඳෙන බොහෝදෙනකු පශ්චාත් උපාධිය සම්පූර්ණ කරගැනීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල හැර දමා විදේශගත වීමයි. එලෙස පශ්චාත් උපාධිය සම්පූර්ණ කළ අයකුට ලැබෙන වේතනය හා අනෙකුත් ප්‍රතිලාභ ගැන සෑහීමකට පත්විය නොහැකිවීම මීට ප්‍රධාන හේතුවයි. දැනට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල සිටින ආචාර්යවරු ගණන හාරදහස් පන්සියයකට ආසන්නය. පසුගිය දශක 2 - 3 ක කාලය තුළ පශ්චාත් උපාධි සඳහා විදේශ ගත වී නැවත නොපැමිණි ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව සහ නැවත පැමිණ කලකට පසු විශ්වවිද්‍යාල හැර දමා යළිත් විදේශගත වූ ආචාර්යවරුන්ගේ සංඛ්‍යාවේ එකතුව ගත් කල එයද හාරදහසකට ආසන්නය. ව්‍යාධියේ බරපතළකම එයින් මොනවට පැහැදිලි වේ.
ආධුනික කථිකාචාර්යවරුන් පශ්චාත් උපාධි සඳහා විදේශ ගත වී යළිත් නොපැමිණීම නිසා විශ්වවිද්‍යාලවලට හා රටට සිදුවන අවාසි ගණනාවකි. රටට උගතෙකු අහිමි වීම, අධ්‍යයන නිවාඩු ලබා ගිය මොහොතේ පටන් ඔවුන් නැවත නොපැමිණෙන බව තහවුරු කරගන්නා තෙක් වසර ගණනාවක කාලය තුළ ඒ වෙනුවට වෙනත් ආචාර්යවරයකු බඳවාගත නොහැකිවීම යන අවාසි ත්‍රිත්වය ඒ අතුරින් වඩාත් ප්‍රමුඛය. රටේ සෑම විශ්වවිද්‍යාලයකම මේ ප්‍රශ්නය දක්‌නට ලැබෙන අතර එය වඩාත් බරපතළ ලෙස දක්‌නට ලැබෙන්නේ නුවර හා අගනුවරින් දුර බැහැර ප්‍රදේශවල පිහිටි විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය, ඉංජිනේරු සහ විද්‍යා පීඨවලය. මේ සියලු හේතුවල ප්‍රතිඵලයක් ලෙස අගනුවරින් බැහැර ඇතැම් විශ්වවිද්‍යාලයන්හි අධ්‍යයනාංශවල කටයුතු කරගෙන යනු ලබන්නේ එහි සිටිය යුතු ආචාර්යවරු සංඛ්‍යාවෙන් හරි අඩක පමණ හිඟයක් තිබිය දී බව සඳහන් කරන්නේ වගකීමක් ඇතිවය. අවශ්‍ය නම් ඒ සඳහා උදාහරණ දිය හැකිය. ඒ නිසා සම්මතයක් ලෙස පැවැරෙන වැඩ කොටස මෙන් දෙගුණයක වැඩකොටසක් එවැනි තැන්වල ආචාර්යවරයකුට කිරීමට සිදුවන අවස්‌ථාද ඇත.
මෙලෙස විශ්වවිද්‍යාලවලට විශේෂයෙන්ම වෛද්‍ය. ඉංජිනේරු හා විද්‍යා පීඨවලට වඩාත් දක්‍ෂ ආචාර්යවරු බඳවා ගැනීමට නොහැකි වීමත්, අමාරුවෙන් හෝ බඳවාගන්නා පිරිස රඳවාගැනීමට නොහැකිවීමත්, යන රෝග ලක්‍ෂණ ද්විත්වය මගින් පෙන්නුම් කරන ව්‍යාධිය වන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නියමු සාධකය හෙවත් උපාධිධාරීන් බිහිකිරීමේ සක්‍රීය මෙහෙවරට සෘජුවම වගකියන මානව සම්පතෙහි සංඛ්‍යාත්මක හා කාර්යක්‍ෂමතා ඌනතාවයයි. කාර්යක්‍ෂමතා ඌනතාවයට හේතුව කලකිරීම සහ රැකියා තෘප්තිය හීනවීමයි. පළමුව එය මෙම ව්‍යාගය විශ්වවිද්‍යාලවලින් බිහිවන උපාධිධාරීන් ගේ ගුණාත්මක අඩුවීම කෙරේ සෘජුවම බලපායි. ශ්‍රී ලංකාව ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්‌ථානය බවට පත්කිරීමේ මහින්ද චින්තන ප්‍රතිපත්ති සාක්‍ෂාත් කර ගැනීම මේ තත්ත්වය හමුවේ හිතළුවක් පමණක් වීමට ඉඩ ඇති බව මින් පැහැදිලි විය යුතුය. සරසවි ආචාර්යවරුන් මේ වන විට වෘත්තීය අරගලයක නිරතව සිටින්නේ එහෙයිනි.
දෙවනුව මෙම ව්‍යාධිය රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ බිඳ වැටීම කෙරේ සෘජුවම බලපායි. මෙය අතිශය තීරණාත්මක වන්නේ රජය මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඉඩදීම ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන තිබීම නිසාය. එය පිළිගැනීමකට පමණක් සීමා වී නොමැති අතර එහි මුල් අදියරයත් ක්‍රියාත්මක වීම නිහඬවම සිදුවෙමින් පවතී. පෞද්ගලික විශ්වවිද්‍යාල සහ රාජ්‍ය විශ්වවිද්‍යාල යන දෙකම ඇති ඇතැම් රටවල රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ශක්‌තිමත්ව පවතින්නේ ඒවාට අවශ්‍ය ප්‍රතිපාදන රජය විසින් අනලස්‌ව ලබා දෙන බැවිනි. එහෙත් ඒ අතින් ශ්‍රී ලංකාව සිටින්නේ ඉතාම පහළ මට්‌ටමක බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුව පවතී. දියුණු බටහිර රටවල් මෙන් අපට කටයුතු කළ නොහැකි බව සැබෑවකි. එහෙත් අපට සමීප දකුණු ආසියාතික රටවල් සමග සැසැදීමේදී අධ්‍යාපනයට වෙන් කරන මුදල අතින් ශ්‍රී ලංකාව සිටින්නේ ඉතා පහළ මට්‌ටමකය. ඊට හේතුව අපේ රට දුප්පත් වීම නොවේ. රටක ආර්ථික සමෘද්ධිය මනින මිනුම් දණ්‌ඩ වන ඒක පුද්ගල ආදායම අනුව ලෝකයේ රටවල් අවරෝහණ පිළිවෙළට ශ්‍රේණිගත කර ඇති ලැයිස්‌තුවේ ශ්‍රී ලංකාව සිටින්නේ ඉන්දියාව බංග්ලාදේශය හා පකිස්‌ථානය යන රටවල් තුනටම ඉහළිනි. ඒ අනුව නම් අපේ රටේ අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කෙරෙන ප්‍රතිශතය මේරටවල් තුනටම වඩා වැඩිවිය යුතුය. එහෙත් අධ්‍යාපනයට වෙන් කරන මුදල අතින් ශ්‍රී ලංකාව සිටින්නේ ඉතා පහළ තැනකයි. ඒ නිසාම අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු සඳහා ලැබෙන පහසුකම් වලින් මෙන්ම ආචාර්යවරුන්ට ගෙවන වැටුප අතින්ද ශ්‍රී ලංකාව සිටින්නේ ඉතාම පහත් අඩියකය.
මෙවැනි තත්ත්වයන් හමුවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ පැවැත්ම කෙරෙහි අතිශය තීරණාත්මක ලෙස බලපානු ඇත. මන්දයත් රජයෙන් නඩත්තු නොකෙරෙන හුදු වාණිජ ව්‍යාපාරයක් වන පෞද්ගලික විශ්වවිද්‍යාලවල ආකර්ශනීය වැටුප් පරිමාණ හා අනෙක් පහසුකම් හමුවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අතෘපිතියෙන් හා කලකිරීමෙන් සේවය කරන දක්‍ෂ ආචාර්යවරුන් සියලු දෙනා ඉන් වත් වී පෞද්ගලික විශ්වවිද්‍යාලවලට අන්තර්ග්‍රහණය කෙරෙනු ඇති බැවිනි. එය නීති දමා නතර කළ හැක්‌කක් නොවේ. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ආචාර්යවරුන්ගේ විරෝධයක් එල්ල වී නැත. මක්‌නිසාදයත්, එම පෞද්ගලික විශ්වවිද්‍යාල සමග තරග කොට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය රැක ගැනීමට තමන්ට හැකි බව ඔවුහු දන්නා බැවිනි. එහෙත් එසේ කළ හැක්‌කේ ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය ශක්‌තිය රජයෙන් ලැබෙන්නේ නම් පමණි. මේ වන විට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අරගල වලට එළඹ සිටින්නේ ඒ වෙනුවෙනි. රාජ්‍ය විශ්වවිද්‍යාල වඩාත් ශක්‌තිමත් කොට පවත්වාගෙන යාම මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද අරමුණක් බැවින් ඒ අනුව, ආචාර්යවරුන්ගේ මේ අරගලය දෙවනුවද මහින්ද චින්තනය උදෙසාය.
සරසවි ආචාර්යවරුන් ඉල්ලා සිටින්නේ දක්‍ෂ ආචාර්වරුන් බඳවා ගැනීමට හා රඳවා ගැනීමට හැකි වැටුපක් ආචාර්යවරුන්ට ලබාදෙන ලෙසය. එය අද ඊයේ ආරම්භ කළ ඉල්ලීමක් නොවේ. රටේ පැවති යුදමය වාතාවරණය හා ආර්ථික ප්‍රශ්න හමුවේ වෘත්තීය සටන්වලට නොඑළඹුනද මේ ඉල්ලීම කර ඇත්තේ මීට වසර ගණනාවකට පෙර පටන්ය. උදාහරණයක් ලෙස වත්මන් ජනාධිපතිවරයා සමග මේ පිළිබඳ මුල්ම සාකච්ඡාව පවත්වා ඇත්තේ මීට වසර 3 1/2 කට පෙර 2008 ජනවාරි මාසයේදීය. ඔහුගේ උපදෙස් අනුව පත් කළ කමිටුවකින් පිළියෙල කළ වැටුප් පරිමාණයන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඇතුළු රජයේ පාර්ශවයන් විසින් පිළිගෙන ඇත. එලෙස අනුමත වූ පරිමාණයන් ඉක්‌මවූ වැටුපක් ආචාර්යවරු කිසිවිටක ඉල්ලා නැත. ඒ නිසා ආචාර්යවරුන්ගේ ඉල්ලීම අසාධාරණ ඉල්ලීම් යෑයි කිසිවෙකුටත් තර්ක කළ නොහැකිය. එමෙන්ම ඔවුන්ගේ ඉල්ලීම අසාධාරණ යෑයි කිසිදු පාර්ශවයක් විසින් මේ වන තෙක් චෝදනා කොට නැත. අඩු වශයෙන් රජයවත් එසේ නොකියයි. ආචාර්යවරුන්ට දිය යුතු යයි විෂය භාර අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී යෝජනා කළ වැටුප ආචාර්යවරුන් ඉල්ලා සිටින වැටුපට වඩා බෙහෙවින් වැඩිය. ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කිරීමට 2009 දී රජයේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ බැසිල් රාජපක්‍ෂ මහතා මෙම ඉල්ලීම අතිශය සාධාරණ බව වටහා ගැනීම නිසා නිසි පරිදි වැටුප් පරිමාණයන් තීරණය කොට ගෙවන තෙක් වැටුපෙන් 50% ක දීමනාවක් ආචාර්යවරුන්ට ගෙවිය යුතු බව තීරණය කරමින් ඒ සඳහා අවශ්‍ය මුදල් රජයෙන් ලබාගෙන ගෙවීම් කටයුතු ඉක්‌මන් කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කළේය. එහෙත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එය නොතකා හැර මේ වන විට වසර 1 1/2 ක් ගත වී ඇත. වසර ගණනාවක් තිස්‌සේ අඛණ්‌ඩව ඉතා ඉවසීමෙන් කරගෙන ආ ඉල්ලීමක් සම්බන්ධයෙන් ආචාර්යවරුන්ට වෘත්තීය සමිති ක්‍රීයාමාර්ගයකට එළඹීමට සිදුවුයේ එවැනි වාතාවරණයක් යටතේය. ඒ මිස එය උසස් අධ්‍යාපන ඇමැතිවරයා දැන් සඳහන් කරන ආචාර්යවරුන් පසුගිය සතියේ අරලියගහ මන්දිරයට ගෙන්වා සාකච්ඡා කළ අවස්‌ථාවේදී ද පැහැදිලි වන්නට ඇත.
කෙසේ වුවද ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගයෙන් විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මණ්‍ය වී සති තුනක් ගෙවී යන මේ මොහොත වනතුරුත් උසස් අධ්‍යාපනයට සම්බන්ධ බලධාරීන් මේ සම්බන්ධයෙන් දක්‌වන ප්‍රතිචාර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වත් තේරුම් ගත නොහැකිය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට රුපියල් ලක්‍ෂ දෙකක වැටුපක් ගෙවිය යුතු යයි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ උසස් අධ්‍යාපන ඇමැතිවරයාට එයින් මාස 2-3 ගතවන මේ මොහොතේ ආචාර්යවරුන්ට ඉතා සාහසික හා නින්දිත ලෙස නිග්‍රහ කරමින් අවලාද නගයි. එහෙත් ඒ හමුවේ ආචාර්යවරුන් නොසැලෙන්නේ රටම දන්නා එතුමාන්ගේ කට ගැන සිතා පමණක්‌ම නොවේ. එතුමන් මෑත කාලයේ කළ ප්‍රකාශවලින් ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලයට සිදු වූ යහපත ද මෙනෙහි කරමිනි. වාත්තීය අරගලය ආරම්භ කරන විට බහුතර කැමැත්තට එකඟවීමක් ලෙස සියලු දෙනා ඊට එකඟ වූව ද, අරගලය තුළ ඇතැම් කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කළ හා විවේචන කළ ආචාර්යවරු සැලකිය යුතු පිරිසක් සිටියහ. එහෙත් ඇමැතිවරයා පසුගිය දින වල ආචාර්යවරුන්ට කළ නිග්‍රහයන්, මඩගැසීම් හා චෝදනාව හමුවේ එම ආචාර්යවරුද සියලු ප්‍රශ්න පසෙකට දමා වෘත්තීය එකමුතුකම පෙරටු කොට ගෙන මේ වන විට වෘත්තීය අරගලය හා ඒකාත්මිකව සිටිති. එයට සමගාමීව යමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මේ වන විට සිදු කරන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි චක්‍ර ලෙඛනවලින් ආචාර්යවරුන් මට්‌ටු කරන්නට වෙර දැරීමයි. ඒ අතර තුර වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹී ඇති ආචාර්යවරුන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් "මේ ගොල්ලො මොනව කිව්වත් පඩිය මීට වඩා ශත පහකින්වත් වැඩි කරන්නට බැරි යයි" සඳහන් කළ බව මාධ්‍යයෙන් දුටු විට නම් අපි බලවත් කම්පාවට පත්වීමු. මක් නිසාද යත් ඔහුද ආධුනික කථිකාචාර්යවරයකු ලෙස විශ්වවිද්‍යාල සේවයට බැදී වැටුප් සහිත නිවාඩු ලබා පශ්චාත් උපාධි සඳහා විදේශගත වී යළි පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරයකුට ලැබෙන වැටුප හා අනෙකුත් ප්‍රතිලාභ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකිව ඒ හේතුකොටගෙන විශ්වවිද්‍යාලයට නැවත නොපැමිණි අයකු වන බැවිනි. ඒ මීට දශක 2-3 කට පෙරය. අද වන විට විශ්වවිද්‍යාල ආචාර්යවරයකුට ලැබෙන වැටුපෙහි සාපේක්‍ෂ වටිනාකම එදාටත් වඩා පහළ බැස ඇති බව එතුමා හොඳින් දනී.
මෙවැනි ප්‍රතිචාර තේරුම් ගැනීමට අපහසු වූ කල එය පැහැදිලි කළ හැකි කටකතා පැතිර යාම සාමාන්‍ය දෙයකි. පෞද්ගලික විශ්වවිද්‍යාල වලට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ඉබේම ක්‍ෂය වී යැමට ඉඩ සලසන අරමුණින් සරසවි ඇඳුරන්ගේ ඉල්ලීම්වලට සෘණ ප්‍රතිචාරයක් දක්‌වන්නේය යන්න එවන් එක් කටකතාවකි. රජයට එවැනි අරමුණක් ඇතැයි සිතීමට අපහසුය. එහෙත් අරමුණු කර නොගත්තද ආචාර්යවරුන්ගේ ඉල්ලීම නොතකා හැරීම හමුවේ සිදුවන්නේ නම් එයමය.
සරසවි ඇඳුරන්ගේ ඉල්ලීම් අසාධාරණ නොවුවද ඒවා ලබා නොදෙන්නේ, එසේ ලබා දුන්නහොත් අනෙකුත් කණ්‌ඩායම් ද ඒ මග ගොස් වැඩි වැටුප් ඉල්ලීමට ඉඩ ඇති නිසායෑයි නිල නොවන මට්‌ටමින් දැනගනන්ට ලැබේ. රෝග ලක්‍ෂණ ඉදිරිපත් කරමින් යමෙකු වෛද්‍යවරයකු වෙත පැමිණ ප්‍රතිකාරයක් ඉල්ලා සිටින විට අවශ්‍ය ප්‍රතිකාරය නියම කළ යුත්තේ නිවැරැදි රෝග විනිශ්චයකින් පසුවය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත් අනෙක් හැම දෙනාටමත් එම න්‍යාය පොදුය.
රෝග විනිශ්චයට අනුව පළමු රෝගියට දියයුතු ඖෂධය, දෙවැනි රෝගියාද ඉල්ලා සිටිනු ඇතැයි කියා, පළමු රෝගියාට එය නොදී සිටීමේ සිරිතක් වෛද්‍ය ශාස්‌ත්‍රයේ නැත. එහෙත් දෙවන රෝගියාගේ රෝගය අනුව නියම කරන ඖෂධ පිළි නොගෙන පළමු රෝගියාට දුන් ඖෂධම ඉල්ලා සිටින්නේ නම් එවිට කළයුත්තේ කුමක්‌ද යන්න වෛද්‍ය ශාස්‌ත්‍රයේ සඳහන්ය. ඒ අනුව දෙවන රෝගියා මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතුය.
මීගහතැන්නේ ජයතිස්‌ස
උද්භිද විද්‍යා මහාචාර්ය