If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Thursday, May 19, 2011

හමුදා කඳවුරු පුහුණුවට එරෙහිව ශිෂ්‍යයෝ ශ්‍රේෂඨාධිකරණයට යති

මැයි.19- සරසවි සිසුන්ට යුද හමුදා කඳවුරු තුළ නායකත්ව පුහුණුව ලබාදීමට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණි.

හමුදා කඳවුරු පුහුණුවට එරෙහිව ශිෂ්‍යයෝ ශ්‍රේෂඨාධිකරණයට යති සිසුන් සඳහා වු මානව අයිතිවාසිකම් සංවිධානය විසින් එම පෙත්සම ගොනු කරනු ලැබිණි.

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා, එම අමාත්‍යාංශය ලේකම්වරයා , විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සහ නීතිපතිවරයා මෙහි වග උත්තරකරු‍වෝ වෙති.

පෙත්සමේ දැක්වෙන්නේ මෙම අනිවාර්ය පුහුණුව රටේ ආගමික සංස්කෘත ඇගයීම්වලට කිසිසේත් නොගැළපෙන බවයි.

යෝජිත නායකත්ව පුහුණු වැඩපිළිවෙළ මැයි 23 වැනි දින සිට උසස් අධ්‍යාපන සහ ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව කදවුරු 28ක  දී ඇරඹීමට නියමිත බව පෙත්සමේ සදහන් වේ.

2010 වසර උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු මේ දක්වා ප්‍රකාශ කර ‍නැතැයි ද එවැනි තත්ත්වයක් තුළ පුහුණු වැඩපිළිවෙළට අදාළ විෂයන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට නොගැළපෙන බව පෙත්සම මගින් පෙන්වා දී තිබේ.

විශේෂයෙන්ම තරුණියන් සිය වැඩිහිටියන් නොමැතිව හමුදා කදවුරුවල රාත්‍රි කාලයේ නතර කරවීම බෞද්ධ සහ මුස්ලිම් ආගම් සංස්කෘතියට අනුව නොහැකි බව ද පෙත්සමේ සදහන්ය.

පෙත්සමෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, අදාළ පුහුණුව අනිවාර්ය කිරිම හේතුවෙන් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.

පෙත්සම විභාගයට ගෙන මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ප්‍රකාශ කොට පුහුණු වැඩපිළිවෙළට කැමති අය පමණක් බදවා ගන්නා ලෙස පෙත්සමෙන් ඉල්ලා සිටී.

Link: http://www.ethalaya.com/index.php?option=com_content&view=article&id=10299:2011-05-19-11-24-59&catid=3:news-right