If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Tuesday, May 24, 2011

සරසවි නවක පුහුණුවට එරෙහි පෙත්සම 30 දා සලකා බලනවාලු

සරසවි නවක පුහුණුවට එරෙහි පෙත්සම 30 දා සලකා බලනවාලු
May 24, 2011  06:10 pm
සරසවි නවක සිසුන් සඳහා හඳුන්වාදී තිබෙන නායකත්ව පුහුණු වැඩසටහන අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන 30 වැනිදා දක්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් දමා තිබේ.

අදාළ පෙත්සම් අද විභාගයට ගත් අවස්ථාවේ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු පී.ඒ. රත්නායක මහතා පෞද්ගලික හේතූන් මත මෙම නඩු විභාගයෙන් ඉවත්වන බව අද දැනුම් දී සිටි බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

ඒ අනුව නව විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම ලබන 30 වැනිදා කැඳවීමටයි තීරණය වී තිබේ.

පෙත්සම්කාර පාර්ශවය විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම නඩුව පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙසයි.

එම ඉල්ලීම ද මීළඟ නඩු දිනයේ දී සලකා බැලීමට නියමවිය.

නායකත්ව පුහුණු වැඩසටහන අභියෝගයට ලක්කරමින් මානව හිමිකම් සඳහා වූ ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු පාර්ශව 5 ක් විසින් පෙත්සම් ගොනු කර තිබේ.

Link: http://www.adaderana.lk/sinhala/news.php?nid=16305