If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Tuesday, August 2, 2011

සරසවි විධායක නිලධාරීහු ද වෘත්තීය සටනකට සැරසෙති

දිවයින 02/08/2011

පේරාදෙණිය - රංජිත් සේනවීර

විශ්වවිද්‍යාලයීය විධායක නිලධාරීන්ගේ සංගමය මෙතෙක්‌ විසඳී නැති තම වෘත්තීය ඉල්ලීම් හා අයිතීන් රැසක්‌ දිනා ගැනීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට තීරණය කර ඇත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් මෙතෙක්‌a විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඉල්ලීම් කෙරෙහි පිළිගත හැකි ප්‍රතිචාරයක්‌ නොදැක්‌වීම නිසා අදාළ පාර්ශ්වයන් දැනුවත් කිරීම සඳහා අකැමැත්තෙන් වුවද වෘත්තීය ක්‍රියාමාර්ග කීපයකට සූදානම් කිරීම සඳහා තම සාමාජිකයන් කැඳවීමට සිදුව ඇති බැව් සංගමයේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

1989 වසරේ සිට ක්‍රමිකව වර්ධනය වෙමින් ආ විධායක නිලධාරීන්ගේ වැටුප් විෂමතාවන් නොවිසඳීම හා එම නිලධාරීන් සඳහා පිළිගත හැකි වැටුප් ව්‍යqහයන් බලධාරීන් විසින් යෝජනා නොකිරීම, 2001 වසරේදී සහකාර ලේඛකාධිකාරිවරුන්ගේ සිට ඉහළ තනතුරුවලට නියමිත සේවා කාලය සැපිරූ නිලධාරීන්ට තීරුබදු රහිත වාහන ආනයන බලපත් ලබාදී ඇතත් මේ වනතෙක්‌ එය ක්‍රියාත්මක නොවීම සහ විධායක ශේ්‍රණිවල උසස්‌ වීම් හා බඳවා ගැනීම්වලදී සමස්‌ත සාමාජිකත්වයට සාධාරණය ඉටුවන අයුරින් කටයුතු නොකිරීම වැනි කරුණු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට හේතුවී ඇති බවත් එම ප්‍රකාශයා තවදුරටත් පෙන්වා දුන්නේය.