
එහිදී ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුට හිමිවිය යුතු මාසික වැටුප 1,15,000 ක් බවට එකඟත්වයට පැමිණි බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.
එහෙත් තවත් සුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නොහැකිවුණු බවත්,එසේ වුවද කඩිනමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අර්බුදය සමථයකට පත්කරනු හැකිවෙනු ඇති බවත් ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේය.