CNEWS
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන නායකත්ව පුහුණු වැඩසටහන සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් සිදු කර තිබෙනවා.
එහි ලේකම් නීතීඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, ඒ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා කැඳවා මේ ගැන කරුණු සටහන් කර ගත් බවයි.
විශ්වවිද්‍යාල සිසුන්ට සිය ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මෙම නායකත්ව පුහුණු වැඩසටහන අනිවාර්යය නොවන බව එහිදී උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා පැවසූ බව නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේය.