If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, July 2, 2011

ද්විතීයික පාසල් දහසට උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය අගෝස්‌තු මුල

දිවයින 02/07/2011

නිලන්ත මදුරාවල

සංවර්ධනය කෙරෙන ද්විතීයික පාසල් දහස සඳහා උපාධිධාරීන් තුන්දහසක්‌ බඳවා ගැනීමේ තරග විභාගය අගෝස්‌තු මස මුලදී පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි.

ඉංග්‍රීසි සඳහා දහසක්‌, තොරතුරු තාක්‍ෂණය සඳහා දහසක්‌ හා විද්‍යා, ගණිත වෙනුවෙන් දහසක්‌ වශයෙන් මෙම උපාධිධාරීන් බඳවා ගැනෙන අතර ඔවුනට වෙනම පුහුණුවක්‌ ලබා දීමටද සැලසුම් කර ඇත. තරග විභාගය සඳහා මේ වනවිට අයෑදුම්පත් කැඳවා ඇතැයි විභාග කොමසාරිස්‌ ජනරාල් අනුර එදිරිසිංහ මහතා පැවැසීය.