If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Monday, July 25, 2011

පො‍රොන්දු එක්ක සෙල්ලම් එපා

සිරස පුවත් 25/07/2011

විශ්විද්‍යාල ආචාර්ය වැටුප් අර්බූදය ‍සම්බන්ධයෙන් රජය දුන් පො‍රොන්දු ඉටු ‍නොකළ හොත් නැවත් වෘත්තීය සමති ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බව විශ්විවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමති සම්මේලනය පවසයි.

එහි සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මේ බව පැවසුවේ, අද නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදිය.

"රුපියල් එක්ලක්ෂ පහළොස් දහසක් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුට ලැබෙන පරිදි වැටුප් විෂමතා සංශෝධනය කිරීමට එතුමාගේ අවසරය ලබලා දුන්නා. ඊට පස්සේ අපි ඒකට ඉදිරිපත් කරපු කොන්දේසියක් තමයි අපි මේක පිළිගන්නවා. කරුණු 3කට යටත්ව එකක් තමයි. මේ වැටුපට කිසිම කොන්දේසියක් ඇතුළත් නොවිය යුතුයි. අනෙක් එක තව ඉල්ලීම් දෙකක් මේ පිළිබඳව මේක දීර්ඝ කාලීනව විසදීම සඳහා අපි යෝජනා කළා. කමිටුවක් පත් කරන්න කියලා. සහ ඊට අමතරව අර චක්‍රලේඛයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අංශාධිපතිවරුන්ට අදාළව ඉදිරිපත් කරපු  චක්‍රලේඛය ඉවත් කරන්න ඕන කියන ඉල්ලීම ඒ අනුව ඇත්ත වශයෙන්ම අපට ලැබෙන වැටුප් සංශෝධන රාමුව තමයි එක් ලක්ෂ පහළොස් දහසක නෙවෙයි, එක් ලක්ෂ එක්දාහ මේකත් අර වැරදියට තේරුම් ගන්න එපා මේකෙන් ගොඩක් අය හිතනවා. හැමෝටම මේ ගාන හම්බ වෙනවා කියලා එහෙම නෑ මේ පඩිය හම්බ වෙන්නේ, 38 දෙනෙකුට විතරයි, විශ්වවිද්‍යාල පද්ධතියේ. ඒනිසා හොදින් මතක තබාගත යුතු දෙයක් මේ වෙලාවේ නම් මේ පොරොන්දු එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා. කියන එක මේ සම්බන්ධයෙන් අපිව රවට්ටන්න උත්සහා කරනවා නම් ඉදිරි අය වැයෙන් පොරොන්දු වෙලා තියෙන ඒ දේවල් නොදී ඉන්න උත්සහ කරනවා නම්, අපිට කරන්න තියෙන්නේ පොඩි දෙයක් ඒක තමයි අපි මේ දැනට තාවකාලිකව අත්හිටුවලා තියෙන වෘත්තීය සමති ක්‍රියාමාර්ගය නැවත සක්‍රීය කිරීම පමණයි කරන්න තියෙන්නේ"