If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Monday, July 25, 2011

රජයේ විසදුම ගැන සෑහීමටක පත්විය නොහැකියි - සරසවි ඇදුරු සම්මේලනය කියයි

CNEWS 25/07/2011


වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් වුවද රජය දුන් විසඳුම් සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේ ලබාදීමට එකඟ වූ තම වැටුපට කොන්දේසි සහිත පර්යේෂණ දීමනාවක් ඇතුලත් කර ඇති බවය.එවැනි කොන්දේසියක් පැනවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ අප්‍රසාදය පළවී ඇතැයිද ඔහු පැවසුවා.

උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා මේ පිළිබදව අදහස් දක්වමින් කියා සිටියේ රජය ලබාදුන් විසදුම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය එකඟතාව පළකර ඇති බවය.

කෙසේ වෙතත් පර්යේෂණ දිරිගැන්වීම සඳහා දීමනාවක් ලබාදීමට රජය පියවර ගෙන ඇති බව ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සදහන් කළා.