If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Thursday, July 21, 2011

සරසවි ඇදුරන් වෘත්තීය ක්‍රියා මාර්ගය අතහරියි


විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියා මාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

මුදල් අමාත්‍යාංශ ලේකම් පී. බී. ජයසුන්දර මහතා සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණයට එළඹි බව එම සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක මහීන් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.

අදාළ සාකච්ඡාවේදී සිය ඉල්ලීම් සම්බන්ධව පළවූ එකඟතාවයන් මත මෙම තීරණයට එළඹි බව ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හෙට සිට නැවත සිය රාජකාරි කටයුතු අරඹනු ඇති බව ද සඳහන්ය.