If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Tuesday, July 19, 2011

වැටුප් විෂමතා සම්බන්ධයෙන් සමස්‌ත ලංකා උපාධි ගුරු සංගමය 21 වැනිදා සත්‍යයක්‍රියාවකට සැරසෙයි

දිවයින 19/07/2011

උපාධිධාරී ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට ගත් තීන්දු ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පාමින් සමස්‌ත ලංකා උපාධිධාරී ගුරු සංගමය මෙම මස 21 වැනිදා පෙරවරු 11.00 ට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යක්‍රියාවක නිරත වීමට තීරණය කර ඇත.

වසර 17 ක්‌ තිස්‌සේ පවතින වැටුප් විෂමතා ප්‍රශ්නයට මෙතෙක්‌ විසඳුම් ලබානොදීම සම්බන්ධව උපාධිධාරී ගුරු සංගම් දැඩි තීරණවලට යොමුවීමට පියවර ගනු ලබන්නේ වගකිවයුතු නිලධාරීන් නිසි අයුරින් කටයුතු නොකිරීම නිසා බව සමස්‌ත ලංකා උපාධිධාරී ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඡේ. එස්‌. ද සේරම් මහතා ප්‍රකාශ කර සිටී.