If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, June 3, 2011

සරසවි ආචාර්යවරුන්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් හමුවෙයි

සරසවි ආචාර්යවරුන්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් හමුවෙයි

June 3, 2011  08:50 pm
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා අතර අද(03) විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබේ.

‍ එම සාකච්ඡාවේදී ප්‍රධාන කරුණු 03 ක් මුල්කරගනිමින් ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මගින් ඉල්ලීම් ඉදිරිපත් කළ බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

‍ අදාළ ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කර ඉදිරි තීරණ වෙත දැනුම් දෙන බව සමිති සම්මේලනය වෙත දැනුම්දුන් බව ද නවරත්න මහතා කියා සිටියේය.

‍ ඉදිරියේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමග තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

http://www.adaderana.lk/sinhala/news.php?nid=16531