If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Sunday, June 19, 2011

ඇමැතිගේ ප්‍රකාශයෙන් උසස්පෙළ විභාගය අනතුරේ - ලංකා ගුරුසංගමය

(ලංකා ඊ නිව්ස් -2011.ජුනි.19, ප.ව.2.00) පසුගිය 17 වැනිදා අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී උසස්පෙළ විභාගයේ දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ලබා ගන්නා සේවාව විභාග දෙපාර්තමේන්තුවේ විශේෂ පුහුණුවක් ලැබූ උසස් නිලධාරීන්ගෙන් හා පළපරුදු ගුරුවරුන් යොදවා ලබා ගැනීමට කටයුතු කරන බවට අධ්‍යාපන ඇමතිවරයා සිදුකරන ලද ප්‍රකාශය හරහා පැහැදිළි වන්නේ මෙවර උසස්පෙළ උත්තර පත්‍ර ඇගයීම සම්පූර්ණයෙන්ම විශ්වසනීයත්වයකින් තොර අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බවයි.

මෙවර උසස්පෙළ විභාගය පැරණි විෂය නිර්දේශය මෙන්ම නව විෂය නිර්දේශයට අනුව පැවැත් වේ. මේ අනුව මෙවර ඇගයීම් ක්‍රියාවලිය ඉතාමත්ම සංකීර්ණ තත්වයක තිෙබි. එවැනි අවස්ථාවක ප්‍රශ්න පත්‍ර සැකසීමේ ක්‍රියාවලියේ යෙදුනු විශ්වාවිද්‍යාල ආචාර්යවරුන් වෙනුවට වෙනත් නිලධාරීන් යොදවා උත්තර පත්‍ර ඇගයීමට බලාපොරොත්තුවීම සම්පූර්ණයෙන්ම විභාගය අනතුරේ හෙලීමකි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස්පෙළ උත්තර පත්‍ර ඇගයීමේදී ප්‍රධාන පාලක පරීක‍ෂක තනතුර සහ ප්‍රධාන පරීක‍ෂක තනතුර දරමින් උත්තර පත්‍ර ඇගයීමේ ප්‍රධාන අධීක‍ෂක ක්‍රියාවලියේ නිරත වෙති. ප්‍රශ්න පත්‍ර සැකසීමේ ක්‍රියාවලියේ දී ප්‍රධාන කාර්යයක් ඉටු කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලකුණු ලබාදීමේ පටිපාටිය සකස්කිරීම, ඇගයීම් ක්‍රියාවලියේදී ක‍ෂණිකව මතුවන ප්‍රශ්න වලට උපදෙස් ලබා දෙමින් අවසාන තීරකයා වශයෙන් කටයුතු කිරීම, උතත්ර පත්‍ර ඇගයීම් කරන ගුරුවරුන් කැදවා ප්‍රධාන රැස්වීම් වල උපදෙස් දීම, අවසාන ලකුණ තීරණය කිරීම මෙන්ම ප්‍රශ්න පත්‍ර නැවත සමීක‍ෂණය කිරීමේ කාර්යයද ප්‍රධානත්වය ගෙන කටයුතු කරති.

මෙවැනි භාරදූර කටයුතු වෙනත් නිලධාරීන් හෝ විශ්‍රාම ගිය ගුරුවරුන් යොදවා සිදු කළ නොහැක. උසස් පෙළ විභාගය දකුණු ආසියාවේ විශ්වසනීයත්වයකින් යුතු විභාගයක් බවට පත්ව ඇත්තේ ද විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ මෙම සෘජු මැදිහත් වීමයි. මෙවැනි පසුබිමක විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මෙම කටයුත්තට සම්බන්ධ නොවන්නේ නම් ගුරුවරුන් විශ්වවිද්‍යාල ආචාර්යවරන් සිදුකරන කටයුතු නොකරන බව අවධාරණය කරන ලංකා ගුරු සංගමය මේ වන විට මේ සම්බන්ධයෙන් ගුරු සංගම් සහ ආචාර්ය සමිති සම්මේලනය සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර සියලූ ගුරු සංගම් සමග ඉදිරි තත්ත්වය ප්‍රකාශ කරන බවද දන්වා සිටී.

මෙයට,

ජෝසප් ස්ටාලින්
ප්‍රධාන ලේකම්