(ලංකා ඊ නිව්ස් -2011.ජුනි.11, ප.ව.8.00) භීෂණයක් නැති වෙලාවක භීෂණයක් ඇතැයි කියමින් ආණ්ඩුව හදන්නේ මේ රට හමුදා කරණය කරන්න. හමුදාව පෙන්න පෙන්න අපේ සියළු ප්‍රශ්න වලට හමුදාව ලවා පිලිතුරු දීම අපි ප්‍රතික්ෂේප කරනවා. අපි ඔක්කොම එකට එකතුවෙලා හිටිය යුතුයි. අපි අතර ප්‍රශ්න ඇතිකරගන්නෙ නැතිව එකට ඉන්න දිවි හිමියෙන් පොරොන්දු විය යුතුයැයි සරසවි ඇදුරු සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා පැවසීය. ජන අරගල හා රටේ අනාගතය යන මැයෙන් සංවිධාන රැසක් එකමුතුව පසුගියදා කොළඹ මහජන පුස්තකාලයේ පැවැත්වූ සම්මන්ත්‍රණයකදී ඔහු මෙසේ පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ මහිම් මෙන්ඩිස් ආචාර්යවරයා..
අපි ඉදිරියේ තියෙන්නේ සාමූහිකත්වය අවධිකර ගත යුතු වෙලාවක්. විශ්වවිද්‍යාල පරිසරය විවෘත්ත කරලා ශිෂ්යයන්ටල ආචාර්යවරුන්ට කාලකන්නි කියලා ආමණ්ත්‍රණය කරන තැනට මේ ආණ්ඩුව වැටිල තියෙනවා. ආචාර්යවරු ජාත්‍යන්තර උපාධි සහතිව මව්බිමේ සේවය කරද්දී ආචාර්වරුන්ට කැත විධියට නිග්‍රහ කරණවා.
භීෂණයක් නැති වෙලාවක භීෂණයක් ඇතැයි කියමින් ආණ්ඩුව හදන්නේ මේ රට හමුදා කරණය කරන්න. හමුදාව පෙන්න පෙන්න අපේ සියළු ප්‍රශ්න වලට හමුදාව ලවා පිලිතුරු දීම අපි ප්‍රතික්ෂේප කරනවා. පාසල් ශිෂ්‍යයන්ට අවශ්‍ය භෞතික හා මානව සම්පත් දෙන්නේ නැතිව එයාලව විකාර කරවලා. විශ්වවිද්‍යාල වලට යන්න කලින් ඔවුන්ව හමුදා පුහුණුවට යවනවා. අපිට සැලියුට් ගහනල මාච් කරන ශිෂ්‍යයෝ ඕනෙ නෑ. පාපිෂ්ඨ පුද්ගලයෝ මේ රටේ උසස් අධ්‍යාපනය බාරව ඉන්න ඕනි නෑ. ශිෂ්‍යයන්ට හමුදා අකෘති ලබා දෙන්න යන වැඩේට අපි ආචාර්ය වරුන් ලෙස එකඟ වෙන්නෙ නෑ.
අපි ඔක්කොම එකට එකතුවෙලා හිටිය යුතුයි. අපි අතර ප්‍රශ්න ඇතිකරගන්නෙ නැතිව එකට ඉන්න දිවි හිමියෙන් පොරොන්දු විය යුතුය. තමන්ට තමන් කතාකරගත යුතුයි. ඔබ සියළු දෙනාටම ඒ සඳහා වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවායි පතනවා.
මෙම සම්මන්ත්‍රණයේ අරමුණ පැහැදිළි කරමින් කතා කළ රැකියා විරහිත උපධිධාරී සංගමයේ කැᅭදවුම්කරු දිනිඳු සමන් හෙන්නායක මහතා මෙසේ කීය.
රාජපක්ෂ රෙජිමයේ 2/3 බලය යටතේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගාන වැඩිකර ගත්තට මිනිසුන්ගේ සැබෑ ගැටළු වලට පිළිතුරු දෙන්න රාජපක්ෂ ජනාධිපති වරයා අපොහොසත්වෙලා තියෙනවා. ඒ යටතේ සමස්ථ සමාජයම සටන් වදින මොහොතක් මොහොතක තමයි අපි සැවොම එකට එකතුවෙලා සිටින්නේ. ශිෂ්‍යයෝ, කම්කරුවො, විද්වතුන් ඇතුළු විවිධ ක්ෂේත්රයන් තමන්ට ආවේනික පෙරමුණු වල ඉඳලා සටන් කරන්න පටන්ගෙන තියෙනවා. නමුත් හුදකළා සටන් ඇතුලේ ජයග්‍රහණ තාවකාලිකයි. මේ ඇරඹිලා තියෙන්නේ බලවේග සියල්ල එක්ව සටන් කළ යුතු කාලයයි. ඒ පිළිබඳව ප්රගතිශීලී ජනතාවගේ පුළුල් සංවාදයක් අවශවෙලා තියෙනවා යයි පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය සභාපතිල ධර්මසිරි ලංකාපේලි මහතා මෙසේ කීය..
ජන අරගල මාවත පසුගිය දිනවල විවෘත කර ගැනීමේ ආමාරුකමක් තිබුණා. නමුත් ලංකාවේ සමාජය මේ බුක්ති විඳින සියල්ල ලබා ගත්තේ කාලාන්තරයක් තිස්සේ කරපු ජන අරගල හරහායි. කොටි සංවිධානය ආයුධ සන්නද්ධව හිටියා. ජන අරගල විශ්වාස කලේ නෑ. ඔවුන් අවු. 30 ක් යනකොට සමූල ඝාතනය කලා. මහින්ද දේශප්‍රේමී සළුපිළි පටලවාගෙන ජනතාව නිර්වින්දනය කරලා තිබුණා. දැන් නිර්වින්දනය ඉවරයි. රොෂේන්ලා ජීවිත පූජාකළේ ජනතා අරගල ජයග්‍රහණය කරවීම සᅭදහායි.
zකම්කරු ජනතාව අවදිවන්නේ නැතිව අනිත් අය අවදි වුනාට වැඩක් නෑ. සමාජය තුල ඒ අවදි වීම සටහන් කරල තියෙනවා. මේ සියළු ප්‍රශ්න ජයගැනීමට ඇත්තේ එකම මාවතයි. එය ජන අරගලයේ මාවතයි. ආණ්ඩුවේ ශක්තිමත් කාලය ඉවරයි. රෝෂේන් චානක සොහොයුරා ජීවිතය පරිත්‍යාග කරලා ආරම්භ කරපු සටන ඉදිරියට යනවා
මෙහිදී අදහස් දැක්වූ අන්තර් විශ්විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කැᅭදවුම්කරුල සංජීව බණ්ඩාර මහතා
ආණ්ඩුව කියද්දී රට ඉදිරියට යනවා කියලා මේ මොහොත රට පසුපසට යන මොහොතක්. රටක් සංවර්ධනය වෙනවානම් නිවැරදි අධ්‍යාපන ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්රය ඇතුලේ විශාල අර්බුද ප්‍රමාණයක් පැන නැගිලා තියෙනවා. විසᅭදුම් වෙනුවට ආණ්ඩුව පෞද්ගලීකරණය ආදේශ කරල තියෙනවා. ආණ්ඩුව අධ්‍යාපනයේ සම අයිතිය උදුර ගනිමින් සිටිනවා.
පාසල් අධ්‍යාපනයට විශාලම විනාශය කලේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. 2005හේ ඉᅭදලා මේ වෙද්දී පාසල් 335 ක් වහල දාලා. 2005 දී පාසල් සᅭදහා වෙන්කරපු මුදලට වඩා 2011 වෙද්දී 50%ක් අඩු කරලා. වාහන 3ක් ගෙන්නන්න මේ ආණ්ඩුව මිලියන 11ක් වියදම් කරද්දී පාසල් සංවර්ධනය සᅭදහා වියදම් කරන්නේ ඉතාම සොච්චම් මුදලයි.Z
සරසවි අධ්‍යාපනයට එස් බී දිසානායක නැමති ප්‍රේතාත්මය පැමිනීමත් සමග සරස්වතී සරසවියෙන් පැන ගිහිල්ලා තියෙන්නේ. මේ වනවිට නැවත වරක් ආණ්ඩුව සිසුන් දඩයම් කරමින් සිටිනවා. එහි අළුත්ම බිල්ල තමයි ජපුර සරසවියේ සිසුවියන් 23 දෙනා. ඔවුන්ට බොරු චෝදනා එල්ල කරමින් පංති තහනමකට ලක්කරල තියෙනවා.
උත්තරීතර නීතියට උඩින් රාජපක්ෂ ඉᅭදගෙන සෑම දෙයක්ම තමන්ගේ සුඛ විහරණය සᅭදහා පාවිච්චි කරමින් සිටිනවා. මේ රටේ සකල විධ ජනතාවටම තම අයිතිය දිනා ගැනීමට ඉතුරුවෙලා තියෙන්නේ සටන් වැදීම පමණයි. හෙට දවසේදී කම්කරු සටනල ආචාර්යවරුන්ගේ සටනල ගුරුවරුන්ගේ සටනට අපි කොන්දේසි විරහිතව සහය පළ කරනවා.
මෙහිදී අදහස් දැක්වූ අන්තර් සමාගම් සේවක සංගමය සභාපතිල වසන්ත සමරසිංහ මහතා මෙසේ කීය.
අරගල වලින් තොර ජයග්‍රහණ අපිට නෑ. රාජක්ෂ මහත්තයා අප්‍රේල් 25 ගෙනාපු විශ්‍රාම වැටුප් පනත මැයි 1 දා කෑගහල කිව්වා කවුරු කිව්වත් මේක කරනවා කියලා. එැබැයි අපි සමාජය තුල සාකච්ඡාක් ඇතිකලා. අප ඒකට නායකත්වය දුන්නා. වැඩබිම උණුසුම් වුණා. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයට දැන් තේරිලා තියෙනවා හැම දේවාලෙම තමන්ට ඕන විදියට වැᅭදගන්න බෑ කියලා ජයග්‍රහණය වෙනුවෙන් සටන් කිරීම හැර වෙන මුකුත් නෑ කියලා සේවකයෝ පෙන්නලා තියෙනවා.
අපි දැන් හුදකලාව අරගල කරනවා වගේම ඒ ප්‍රශ්න සාමූහිකව විසᅭදා ගැනීමේ යුගයකට ඒමේ අවශ්‍යතාවය පැන නැගිල තියෙනවා. ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානාත්මකව සටන් කල යුතුයි.
සමස්ත ලංකා වතු කම්කරු සංගමය සභාපතිල රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙසේ කීය.
දැනට වතු කම්කරුවන්ට දෛනික වැටුප රු.285යි. වතු කම්කරුවන්ට ජීවත්වීමට ප්‍රමානවත් වැටුපක් දියව් යන අහිංසක ඉල්ලීමක් කම්කරුවන් ආණ්ඩුවෙන් ඉල්ලූවා. දැන් රු.380 කට වැටුප වැඩිකිරීමක් කරල තියෙනවා. ලංකාවේ වර්තමාන ජීවන අංකය හා සසᅭදනවිට රු.380 ක් කොහොමවත් ප්‍රමාණවත් වන්නේ නෑ. වතු කම්කරුවන්ගේ අවුරුදු 180 ක් තිස්සේ පරම්පරා 04 ක් රටේ අනාගතය වෙනුවෙන් තම ජීවිතය තේ ගස් යටටම ගෙවිලා ගියා. වතු ආශ්‍රිතව ජීවත් වන ගැබිණි මව්වරුන්ගෙන් 40% ක්ම රක්ත හීනතාවයෙන් පෙළෙනවා. දරුවෝ මන්ද පෝෂනයෙන් පෙළෙනවා. 1948 නිදහස ලබාගත් පස්සේ බලයට පත් සියළු පාලකයෝ කම්කරුවන් රැවැට්ටුවා. ලොකු ගෙවල් වල වැඩකාරකම් වලට යන්නෙත් වතු කම්කරුවනගේ දරුවෝ. මොවුන් වහල්ලූ බවට පත් කරලා. ඒ නිසා මේ පීඩාවෙන් ඔවුන් මුදවා ගත යුතුයි. ඒ සᅭදහා සමාජ ව්‍යාපාර පෙරමුණු ගත යුතුයි.
මෙහිදී අදහස් දැක්වූ ලංකා ගුරුසේවා සංගමය ප්‍රධාන ලේකම්ල මහින්ද ජයසිංහ මහතා...
2/3 බලයක් ගැන කයිවාරු ගහපුල විධායක බලය ගැන කයිවාරු ගහපු ආණුඩුවක් මේ රටේ වැඩකරන ජනතාවගේ බලය හමුවේ පල්ලම් බහින අවස්ථාවකයි අපි ඉන්නේ. 29 වෙනිදා 30 වෙනිදා පාරට බැහැපු කම්කරු ජනතාව ඔවුන්ගේ අර්ථසාධකය කොල්ල කෑමට උත්සාහය ව්‍යර්ථ කළා. ඒ සටන් හරහා අපිට හᅭදුනාගත හැක්කේ සියළු බලවේගන්ට වඩා ජන බලය විශාල බවයි.
zවිශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇතුලේ විවිධ චොකෝ බයිලා නටමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෞද්ගලී කරණයට ලක්කිරීමට උත්සහ කරනවා. බන්දුල ගුණවර්ධන විවිධ සෙප්පඩ විජ්ජා දාලා පාසල් 1000ක් සංවර්ධනය කරනවලූ. රටේ අනෙක් පාසල් 5000 නරක පාසල්ද?
2011 වසරේ පලම් ශ්‍රේණියට එක් ලමයෙක්වත් ඇතුල් නොවූ පාසල් 121ක් තියෙනවා. බන්දුල ගුණවර්ධන ඇතුළු මේ ආණ්ඩුව සෙල්ලම් කරන්නේ ලක්ෂ 40 ක් වූ සාමාන්‍ය දරුවන්ගේ ජීවිතත් එක්ක. මේ පාසල් 1000 ක වැඩපිළිවෙල දරුවන්ගේ ජීවිතත් එක්ක කරණ සෙල්ලමක්. ගුරුවරුන්ගේ ජීවිතත් එක්ක ආණ්ඩුව සෙල්ලම් කරනවා. ගුරුවරුන්ගේ අධ්‍යාපන සමූපකාර අරමුදල කෝටි 1000 ක අරමුදලට ආණ්ඩුව අත තිබ්බා. අද තියෙන්නේ ඒකාධිපති වියරුවල ප්රජාතන්ත්ර විරෝධී රාජ්‍යයක් එය පරාජය කල හැක්කේ ජන අරගලයකින් පමණයි. ඒ වෙනුවෙන් ගුරුවරු ලෙස අපි කොන්දේසි විරහිතව සහයෝගය ලබාදෙන්න කැමැත්තෙන් ඉන්නවා.
මෙහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම්ල සමන්ත කෝරලේ ආරච්චි මහතා මෙසේ කීය..
අද විශ්වවිද්‍යාල ආචාර්ය වරුල ශිෂ්යයෝල භික්ෂූන්ල කම්කරුවෝ එකම වේදිකාට ඇවිත් තියෙන්නේ ජනතා අරගල ගණනාවක් රට තුළම ඇතිවීම විසිනුයි. පසුගිය කාලේ ඇතිවුණු ජන අරගල හමුවේ රජය පසු බැස්සා. විශ්‍රාමික වැටුප් පනත මේ රටේ වැඩ කරන ජනතාවගේ අරගල හමුවේ අකුල ගත්තා. ඒක ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක්. ඊජීප්තුවල ටියුනීසියාවෙන් මෙවැනි තත්ත්වයන් ඇති වූණා.
පෞද්ගලික අංශයේ සේවකයෝ හරහා නිර්මාණය වුණු ජන අරගලය පාලකයෝ එලවනකම් නවතින්නෙ නෑ. අපි පසුගිය කාලයේ වැටුප් සටනක හිටියා. අයවැයෙන් රු. 2500ක වැටුප් වැඩිවීමක් දෙනවා කිව්වා දුන්නෙ නෑ. ජීවත් වීම වෙනුවෙන් කරන වැටුප් සටන ඉවර වෙන්නෙ නෑ.
අපේ සම්මේලනයට අනුබද්ධ වෘත්තීය සමිති 70ක් තියෙනවා. එහි නායකයින්ව තැන් තැන් වලට මාරු කරලා. මාරු කිරීම් හා පත්කිරීම්ල විනය පරීක්ෂණ දේශපාලන වුවමනා මත දියත් කරමින් අපිව මර්දනය කරන්න ආණ්ඩුව අසාර්ථක උත්සාහයක නිරත වෙමින් සිටිනවා. අපි මහින්ද රාජපක්ෂ ඇතුළු මේ ආණ්ඩුවට නැවතත් මතක්කර සිටින්නේ එවැනි ආකාරයේ අසාර්ථක දේවල වලින් අපව මර්දනය කල නොහැකි බවත් ධනපති පාලකයන් මේ රටින් එලවා දමා කම්කරුවාගේ අතට බලය ලබාගන්නා තුරු අපි සටන් කරන බවයි.