If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Sunday, June 12, 2011

හැන්ද ඇති අය බෙදා ගැනීම

ඉරිදා රාවයේ කතුවැකියෙන් උපුටා ගන්නා ලදි.

පාර්ලිමේන්තු මන්ත්රී වරුන්ගේ හෘදය සාක්ෂිය විනාශ කර තිබෙන තරම පෙන්නුම් කිරීම සඳහා දැක්විය හැකි සංකේතාත්මක වැදගත්කමක් ඇති තවත් නිදර්ශනයක් මෙසේය. රජයේ සේවකයන් සඳහා එකට ගැටගසන ලද පිළිගත් වැටුප් ප්ර්තිපත්තියක් රටේ පවතී. එම වැටුප් ප්‍රතිපත්තියට පාර්ලිමේන්තු මන්ත්රීටවරුන්ද ඇතුළත්ය. මෙම යල් පැනගිය වැටුප් ප්‍රතිපත්තිය විසමතාවන්ගෙන් පිරී පවතින අතර එය විශේෂයෙන්ම වෘත්තීයවේදී අංශවල වෘත්තීයවේදීන් අතර විශාල අසහනයක් ඇති කිරීමට හේතුවී තිබේ. වැටුප් ප්‍රතිපත්තිය සකස් කර තිබෙන්නේ රජයේ සේවයේ හැම අංශයක්ම එකට ගැට ගැසෙන ආකාරයට වන නිසා එක අංශයක ඇති කරන වෙනසක් අනෙක් අංශ කෙරෙහිද බලපායි. මේ නිසා තෝරාගත් එක අංශයක වෙනසක් ඇති කළ නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන අතර කළහැකිව තිබෙන්නේ පොදු වෙනස්කම් පමණය. එහෙත් මේ මහා අවුලෙන් බේරී තමන්ගේ වැටුප් වැඩිකර ගන්නා ක්‍රමයක් පාර්ලිමේන්තු මන්ත්රී්වරුන් සඳහා ක්රි යාත්මක වේ.

ඒ සඳහා දැන් කාලයක් තිස්සේ අනුගමනය කෙරුණු ප්‍රතිපත්තිය වී ඇත්තේ පාර්ලිමේන්තුව විසින් පළමුවෙන් සිය කැමැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීමය. ඉන්පසු ටික කලක් යන්නට ඉඩහැර විසමතා ප්‍රශ්නයක් ඇති බව කියා පාර්ලිමේන්තුව විසින් සිය මන්ත්රීරවරුන්ගේ වැටුප් හා දීමනාද ඊට ගැළපෙන අනුපාතිකයට වැඩිකර ගත්තේය. මෙම පොදු ප්‍රතිපත්තිය තුළ සිටින අන් සියලුදෙනා වෙනසක් ඇති කරගැනීමට නොහැකිව හිරවී සිටින තත්ත්වයක් තුළ නීති සම්පාදකයන් පමණක් විශේෂ ක්‍රමයකට තමන්ගේ වැටුප් වැඩිකර ගැනීම සාධාරණ විය හැක්කේ කෙසේද මෙය බලය අයථා ලෙස පාවිච්චි කිරීමක් බව මන්ත්රී වරුන් නොදන්නේද මෙම ආත්මාර්ථකාමී ප්‍රතිපත්තියට විරුද්ධවීමට තරම් හෘදය සාක්ෂියක් ඇති එක මන්ත්රීරවරයකු හෝ පාර්ලිමේන්තුවේ නොසිටීමෙන් පෙන්නුම් කරන්නේ කුමක්ද? තීරුබදු රහිත වාහන ඡේ.ආර්. ජයවර්ධන මන්ත්රී වරුන්ට දුන් ආර්ථීක වැදගත්කමක් ඇති එකම දෙය නොවීය. පොදුවේ සමහර දේවල් සියලු මන්ත්රී්වරුන්ට දෙන අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වඩා විශාල දේවල් ලබාගත හැකි ක්රවමයක් ඇති කර දුන්නේය. මත්පැන් බලපත්රම, දැව ප්‍රවාහන බලපත්රද ඒ අතර ප්‍රධාන විය. මත්පැන් බලපත්රි ක්රමමය නිසා සමහර මන්ත්‍රීඅවරුන් තැබෑරුම් පවත්වාගෙන යන තැබෑරුම්කරුවන් බවටත්, දැව ප්ර වාහන බලපත්රත ක්ර මය නිසා සමහර මන්ත්රීතවරු හොරට කැළෑ කපා දැව විකුණන දැව ජාවාරම්කරුවන් බවටත් පත්වූහ. ඡේ.ආර්. ජයවර්ධන පාලන යුගය තුළ ආණ්ඩු පක්ෂයේ මන්ත්රීාවරුන් විවිධ ක්ර්ම යටතේ ආණ්ඩුවේ වතු ඉඩම් ලබාගෙන තිබෙන ආකාරය සොයා බැලීමේ අවස්ථාවක් මට ලැබුණි. සොයා ගන්නට ලැබුණු තොරතුරු අනුව එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉඩම් කොල්ලයක් ලෙස සැලකිය හැකිය. සිදුවී තිබෙන ඒ හැම ගනුදෙනුවක්ම නීතියට පටහැනිව සිදුවූ ගනුදෙනු ලෙසද සැලකිය හැකිය. සමහර සරල වෙනස්කම් ඇතිව අද දක්වා ක්රිමයාත්මක වන්නේ ඡේ.ආර්. ජයවර්ධන විසින් ඇති කොට ස්ථාපිත කරන ලද එම කොල්ලකාරී ක්ර මයයි. මේ ක්රකමය විනාශකාරී ලෙස බලපා තිබෙන්නේ දේශපාලකයන් කෙරෙහි පමණක් නොවේ. රාජ්‍ය නිලධාරීන්, වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයන් ඇතුළු සමාජයේ හැම අංශයක් කෙරෙහිම එය විනාශකාරී ලෙස බලපා තිබේ.

මා හිතන අන්දමට දර්ශනයේ සිටින සියලු දේශපාලන ව්‍යාපාර දේශපාලන දෘෂ්ටීන් හා දේශපාලනඥයන්, දේශපාලන ක්‍රමය සමගම යල් පැනගිය තත්ත්වයකට පත්ව සිටින්නේය. ඒ අර්ථයෙන් අප සිටින්නේද දෙමළ ජනයා සිටින තත්ත්වයට සමාන තත්ත්වයකය. ඔවුන්ගේ නායකයන්ගේ මරණ නිසා ඔවුන් නායකයන් නැති ජනතාවක් බවට පත්ව සිටින අතර අපට නායකයන් ඇතත්, ඔවුන් ආධ්යාෘත්මිකව මරණයට පත්ව ඇති නිසා අපිදු නායකයන් නැති ජනතාවක් බවට පත්ව සිටිමු. ගාන්ධි ශ්‍රී ලංකාවට අදාළ වන්නේ ඒ අඩුව පුරවාගත යුතුව තිබෙන්නේ කෙසේද යන ප්‍රශ්නයේදීය.