If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Thursday, June 16, 2011

උ/පෙළ ඇගයීම් වර්ජනයට ගුරුවරුන් පෙළ ගස්වනවා

අද දෙරණ

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු වර්ජනය කිරීම සඳහා ගුරුවරුන් පෙළ ගස්වන බව ලංකා ගුරු සංගමය පවසයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දැක්වීමක් ලෙස මෙම පියවර ගන්නා බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.

අද(16) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහින්ද ජයසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය කඩා කප්පල් කිරීමට ආණ්ඩුව දරන උත්සාහයන්ට එරෙහිව කටයුතු කිරීමට ද බලාපොරොත්තු වන බව එහිදි වැඩිදු‍රටත් අදහස් දැක්වූ මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.