If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Wednesday, June 22, 2011

ඇමති එස්. බී. ගෙන් සරසවි ඇදුරන්ට සුබ සිහින

CNEWS.LK

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ගැටළුව සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා සමග විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඊයේ (21) පස්වරුවේ සාකච්ජාවක් පැවැත්වූ බව වාර්තා වෙනවා.

එම සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා කියා සිටියේ අදියර 04 කින් ආචාර්යවරුන්ගේ වැටුප් ගැටළුව විසඳීම සඳහා පසුගියදා ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස මෙහිදී සාකච්ජා කළ බවයි. ඒ අනුව එම යෝජනාවලිය උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා  අනුමත කළ බවද, ඔහු සඳහන් කළා.