හර්ෂි සි. පෙරේරා
"ශී‍්‍ර ලංකාවේ අධිකරණ ක්‍ෂෙත‍්‍රයට එහි ස්වාධීනත්වය අහිමි වී යෑම උත්සන්න වී ඇති බව ජාත්‍යන්තර නීතිඥ සංගමයේ මානව හිමිකම් ආයතනය පවසයි. මැයි 19 වැනිදා දාතමින් ලක් රජයට රහස්‍ය ලිපියක් යවමින් 18 වැනි හා 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන මඟින් ඇතිවන බලපෑම සම්බන්ධයෙන් කරුණු දැක්වූ බව එම ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ."
ශ්‍රී ලංකාවේ පොලිසිය ඉතා බහුලව බොරු නඩු දමයි. අදිකරණය මෙම බොරු නඩු විබාග කරයි. මිට දිර්ගකාලින ඉතිහාසයක් ඇත. මෙයින් පැහැදිලි වන්නේ විශේෂයෙන්ම පහල අදිකරණ පොලිස් වන්චනිකත්වයට හසුව ඇති බවයි.
ඊළගට අපරාද සමත කිරීම. දින කිහිපයකට උඩදී මාතර දිසා විනිසුරුට පහරදීමේ අපරාදය මහේස්ත්‍රාත් අදිකරණයේදී සමත විය. ඉහල අදිකරණ වල විශේෂයෙන් පොලිසිය සහ පාසැල සම්බන්ද වදහිංසා නඩු සමත වනු දක්නට ලැබේ.
ඊළගට තවත් බරපතල කාරණයක් ලෙස නඩු පමාව දැක්විය හැක. මේ නඩු පමාවට රස පරීක්ෂකගේ සහ නීතිපතිගේ අකාර්යක්ෂමතාව සහ වන්චනිකත්වය ඍජුව බලපායි. ඔවුන් අදාල වාර්තා පමා කිරීම මගින් පාර්ශවකරුවන්ට අසාදාරනයක් කරන අතර අදිකරණයට අගවුරව කරයි. මේ තුල අදිකරනයෙන්ද තමන්ට සදාරණයක් ඉටුවන්නේ නැත යන හැගීම සාමාන්‍ය මහජනතාව තුල ඇති වන අතර සියල්ල අදිකරණය පිළිබද විශ්වාසය පලුදු කරයි.
මෑතකදී ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිපදෙනෙකුටම එරෙහි චෝදනා නීතිපති විසින් ඉල්ලා අස්කර ගන්නා ලදී.
18 සහ 19 සංශෝදන අදිකරණ සුවදිනත්වය නැති කරන බවට විවාදයක් නැත.
නමුත් අදිකරණ සුවදිනත්වය සහ ඒ පිළිබද ජනතා විශ්වාසය පලුදු කරන එකම තත්වය මෙම විවස්ථා සංශෝදන පමණක් නොවේ. මෙම විවස්ථා සංශෝදන ගෙන එම පහසුවූයේ දීර්ගකාලීනව අදිකරණය සහ ඊට සම්බන්ද ආයතන වල පැවැති දුෂිත බව හේතුවෙනි. නමුත් අදටත් මේ විවස්ථා සංශෝදන විවේචනය කරන බුද්දිමතුන් මේ දුෂිත තත්වය ගැන කතා කිරීමට මැලි වෙති.
http://www.lankaguardian.com/2011/06/blog-post_3866.html