If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, June 17, 2011

ආචාර්ය වර්ජනයෙන් උසස් පෙළ අවුලක

රාවය

රසාද් නිරෝෂ බණ්ඩාර [Sunday, June 19, 2011]

විශ්වද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රිගයාමාර්ගය හේතුවෙන් පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්රය ඇගැයීම් කටයුතු අර්බුදයකට ලක්වීමට නියමිත බව වාර්තා වේ. උසස් පෙළ පිළිතුරු පත්‍ර සමීක්ෂණ කටයුතුවලින් තමන් ඉවත්වීමට තීරණය කර ඇති බවට විශ්වද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විභාග කොමසාරිස්වරයා වෙත ලිඛිතව දැන්වීමත් සමග අදාළ අර්බුදය උත්සන්න වී ඇත. එකී නිල දැනුම්දීමත් සමග මෙසේ පිළිතුරු පත්රස ඇගැයීමේ කටයුතුවලින් විශ්වද්‍යාල ආචාර්යවරුන් ඉවත් වන්නේ නම්, තමන්ද එම කටයුතුවලින් ඉවත්වෙන බව මෙරට ගුරු සංගම් රාශියක් නිල වශයෙන් දැනුම්දීමට කටයුතු කරමින් සිටිති. මේ සම්බන්ධයෙන් රාවයට අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සහ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ විශ්වද්‍යාල ආචාර්යවරුන් නොමැතිව පිළිතුරු පත්‍ර ඇගැයීම කෙසේවත් සිදුකළ නොහැකි බවත්, එයින් සිදුවන්නේ විභාගයේ ප්‍රමිතිය බාලවීම බවත්ය. එහෙයින් සියලු ගුරු සංගම් එක්ව මීට විරුද්ධව කටයුතු කරන බව ඔවුහු අවධාරණය කරති. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා තමන් මේ වනවිටත් ගුරු සංගම් රාශියක් සමග එක්ව විශ්වද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමග සාකච්ඡා කර ඇති බව සහ එහිදී ඔවුන්ගේ අරගලයට තමන් සහාය දෙන බව ඔවුන් ප්‍රකාශ කළ බව පැවසීය. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ප්‍රශ්න පත්රව සැකසීමේ සිට විභාග ප්‍රතිඵල පිටත් වනතුරු සියලු කටයුතුවල වගකීම විශ්වද්‍යාල ආචාර්යවරුන් විසින් දරන බවත්, එහෙයින් ඔවුන්ගේ සහාය නැතිව උසස් පෙළ විභාගය කෙසේවත් පැවැත්විය නොහැකි බවත්ය. ආචාර්යවරුන් නොමැතිව තමන්ද එකී කටයුතුවලට සහභාගි නොවන බවට විභාග කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම්දීමට 2011-06-16 දින තම සංගමය කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රවකාශ කළේය. අපොස උසස් පෙළ විභාග ක්‍රමවේදය අනුව ප්‍රශ්න පත්ර සැකසීම පමණක් නොව, පිළිතුරු ඇගැයීමේ පටිපාටිය සැකසීම ද සිදුවන්නේ සමීක්ෂණ මණ්ඩලවල සිටින ප්‍රධාන පාලක පරීක්ෂක හා ප්‍රධාන පරීක්ෂක තනතුරු දරන විශ්වද්‍යාල කථීකාචාර්යවරුන් විසිනි. එක් ප්‍රධාන විෂයක් සඳහා ඇති සමීක්ෂණ මණ්ඩල සංඛ්‍යාව පනහ ඉක්මවන අතර එහෙයින් එක් විෂයක් සඳහා සහභාගී වන විශ්වද්‍යාල ආචාර්යවරුන් සංඛ්යාව සිය ගණනකි. පිළිතුරු පත්‍ර සමීක්ෂණයට පෙර ඊට සහභාගි වන ගුරුවරුන් සඳහා සම්මන්ත්‍රණ පැවැත්වීම සහ ඔවුන් පුහුණු කිරීම පමණක් නොව, පිළිතුරු සමීක්ෂණයෙන් පසු ලැබෙන අවසාන ලකුණු ලැයිස්තුවේ වගකීමද හිමිවන්නේ විශ්වද්‍යාල ආචාර්යවරයකුටය. තවද විභාග ප්‍රතිඵල පිටවීමෙන් පසු සිදුකැරෙන උත්තර පත්‍ර යළි සමීක්ෂණය කිරීමේ කටයුතු සම්පූර්ණ වශයෙන් සිදුකෙරෙන්නේද මොවුන් විසිනි. මේ සම්බන්ධයෙන් රාවය කළ විමසුමකදී ආචාර්යවරුන්ගේ ලිඛිත දැන්වීම තමන් වෙත ලැබී ඇති බව පිළිගත් විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා ප්ර්කාශ කළේ මේ ප්‍රශ්නය ඉක්මනින් විසඳෙන ලෙස තමන් ප්‍රාර්ථනා කරන බවයි. ඉදිරියේදී එම ගැටලුව නොවිසඳුනහොත් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ අප කළ ප්ර ශ්න කිරීමේදී ඒ සම්බන්ධයෙන් ප්රාකර්ථනා කරනවා හැර වෙනත් වැඩපිළිවෙළක් මෙතෙක් තමන්ට නොමැති බවත්, එසේ වුවහොත් විභාග ප්රාතිඵල නිකුත් කිරීම ප්රිමාද විය හැකි බවත් ප්රතකාශ කළේය. කෙසේ වෙතත් අපොස උසස් පෙළ විභාගය 2011 අගෝස්තු මස 08 වැනි දින සිට සැප්තැම්බර් මස 03 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත අතර විභාගය අවසන් වී මාසයක් ඇතුළත පිළිතුරු පත්රි ඇගැයීම සිදුකිරීම ආරම්භ කිරීම සාමාන්යම සම්ප්‍රදාය වේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීමට අධ්‍යාපන අමාත්යාංතශයේ ලේකම්වරයා සහ නියෝජ්ය අමාතත්‍යවරයා සම්බන්ධ කරගැනීමට රාවය ගත් වෑයම ව්‍යර්ථ විය.